අකුරු සතර උගත යුතුයි
 


 

නුවණට වැඩි දෙයක්‌
කිසි තැනෙක නැති බව දැන
කරනු නැත් එය ලැබුමට
තමා බල ඇති පමණින

නුවණැතියන් සිටින
සබාවකට පැමිණි කල
නුවණ නැත්තෝ විළියෙන්
පසු බා සිටිත් කර බා

නුවණැත්තෝ එ ලෙස
නො සිටිත් කිසි සබාවෙක
රජුනටත් නෙ ලැබිය හැකි
ගරු බුහුමන් ලබත් මැ යි

හොඳ නරක දැනුමෙක්‌
නො ලැබේ නුවණ නැත හොත්
එ හෙයින් හොඳ ය සලකා
කරන දෙය ද නොහොඳ වේ

පෙර නුවණ ලැබූ අය
ලියා තුබුවෝ පත් පොත්
අප නුවණ වැඩි කැරුමෙට
මහත් පිහිටෙකි ඒ දැන්

ඒ පත - පොතින් වැඩ
ගැනුමට නම් මෙ කල්හි
සිහි-නුවණින් යෙදී සිට
අකුර සතර උගත යුතු

(c) Shilpa Sayura Foundation 2006-2017