(බෝල්ෂේවික් විප්ලවය)
සමස්ත ලෝක ඉතිහාසයේම රුසියන් විප්ලවය තරම් උග්‍ර මත භේදයකට පාත්‍රවූ වෙනත් ඓතිහාසික සිදුවීමක් නැතැයි කිව හැකිය.
1905 රුසියන් විප්ලවයෙන් රුසියාවේ වෙනස්වීම් ගණනාවක් ඇති වුවත්, සෑම අංශයකින්ම වෙනස්වීම් ඇති නොවූ බව රුසියන් සමාජය දෙස බැලීමෙන් පෙනේ. එම වෙනස්වීම් සුළු වුවත් නැවත වරක් විප්ලවයක් ඇති කිරීමේ හැකියාවක් දක්නට ලැබුණි.1906 වන විට යලිත් සාර්ගේ ප්‍රතිගාමි පාලනයක් රුසියාවේ දක්නට ලැබෙන අතර 'ඩියුමා' මඩුල්ල මගින් එම ඒකාධිපති පාලනය රජු විසින් ගෙන යනු ලැබිණි. 1905 ඇරඹි විප්ලවයෙන් ස්ටොලිපින්ගේ ඉඩම් ප්‍රතිසංස්කරණ අනුව ගොවීන් අතට රුසියාවේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය 9/10ක්ම ලැබුණි.
එවකට පළාත් පාලන සංස්ථා ගොවින්ගේ ජීවිතය නඟා සිටුවාලීමට තරමක් දුරට මහන්සි වූයේය. කම්කරු කොටස් වලට එම අවධියේ වෘත්තීය සමිති තහනම් වී තිබුණත් බොහෝ දුරට තමන්ගේ ඉල්ලීම් ලබා ගත්හ. සෞඛ්‍ය සේවා කටයුතු දියුණුව, කම්කරු අනතුරු වලදී ඔවුන්ට වන්දි ගෙවීම, සේවා කාලය නියම කිරීම යනාදිය රජයෙන් ඉටු වූයෙන් කම්කරුවන්ගේ යහපතද තරමක් සැලසුණි. මේ අවස්ථාවේ විප්ලවවාදී නායකත්වය දුර්වල වී ගියේය. බෝල්ෂේවික් නායකත්වයද රජයේ දැඩි නීති රීති නිසා යටපත්ව නැවතත් 1905 දී ආඥාවක් නිකත් කිරීමෙන් පසු ලිබරල්වාදී පක්‍ෂ විප්ලව වාදය අත්හැර රාජාණ්ඩු පාක්ෂිකයින් බවට පත්විය. ඇත්ත වශයෙන්ම 1905 රුසියන් විප්ලවයෙන් කම්කරු ජනතාවටත්, ගොවි ජනතාවටත් තරමක යහපතක් සිදුවුණාද, ලිබරල් වාදී මධ්‍යම පාන්තික ජනයාටද තම ඉල්ලීම් ලබා ගැනීමට හැකි වීමෙන් මහත් සෙතක් සැලසුණු බවද කිව හැකිය. මධ්‍යම පාන්තිකයන්ට මෙන් නොව සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය ඉහත කී කරුණු වලින් සම්පූර්ණ ලෙස යහපත් නොවීය.
1905 ට පෙර තුලැක්වරුන් (රුසියාවේ සිටි ඉඩම් හිමි වංශාධිපතින්) හා සාමාන්‍ය ගොවි ජනයා අතර වු පරතරය ඒ අයුරින්ම පැවතීමෙන් ගොවි ජනයාගේ නොසන්සුන්තාවය දැඩි වුණි. 1911 වන විට කොතරම් නොසන්සුන් වීද යත් කැරැල්ලක් පවා ගැසීමට කටයුතු කළහ. 1912 වන විට කම්කරු වැඩ වර්ජන රාශියක් රුසියාවේ දක්නට ලැබීමෙන් කම්කරුවන් තුළ වූ නොසන්සුන්තාවයද වඩාත් පැහදිලි වේ. මේ අනුව බලන විට නැවතත් රුසියාවේ ව්ප්ලවයක සලකුණු දැකිය හැකිය. මෙම අවධියේ දී වඩාත් රැඩිකල්වාදී කොටස වූ බෝල්ෂේවික් වරුන් අතර ලෙනින්ගේ නායකත්වය ප්‍රසිද්ධියේම තහවුරු විය. රුසියාවේ යළිත් විප්ලවකාරී හැගීම් උද්ගත වීමට මුල පිරවේ ලෙනින්ගේ මෙකී නයකත්වයයි. පළමුවන ලෝක යුද්ධයේ ආරම්භය රුසියාවේ විප්ලව වාදය යළිත් වැඩි දියුණු වීමට හේතු වුවත්,නැතත් මෙම අවස්ථාවේ රුසියාවේ තිබූ තත්ත්වය පරිදි ලෝක යුද්ධයක් ඇති වුවත්,නැතත් රුසියාවේ විප්ලවයක් ඇති වීමේ ඉඩ කඩ තිබුණි. කෙසේ වුවද පළමුවන ලෝක යුද්ධය ඇතිවීමෙන් රුසියන් විප්ලවය වඩාත් ඉක්මන් වූයේය. පළමුවන ලෝක යුද්ධය ආරම්භයේදීම රුසියන් ජාතිකයන් ජාතිවාදී හැඟීම් වලින් යුක්තව තම රාජ්‍යයේ නගර වලට පවා ස්වදේශීය නාම භාවිතා කරන්නට වූහ.
පළවන ලෝක සංග්‍රාමයෙන් රුසියාව පරාජයට පත්වීම, තිබුණු තත්ත්වය තවත් වැඩි දියණු කරන්නක් විය. අකාර්යක්‍ෂම පාලනයක් යටතේ ගෙන ගිය යුද්ධයෙන් ජය ගැනීමට නොහැකි බව පැහැදිලි විය. 1914 ට පෙරත් යුද්ධ හමුදාවේ නොයෙක් ප්‍රතිසංස්කරණ ඇතිකර තිබීමෙන් ජර්මන් හමුදාවට මුහුණ දීමට තරම් සාර්ථක හමුදාවක් ඇති කර ගැනීමට රුසියානුවන්ට මේ අවධියේ නුපුළුවන් විය. රජයට රුසියානුන්ගේ සහාය නොලැබුණු අතර, තිබූ ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගැනීමටද රජය මගින් කිසිම කටයුත්තක් නොකරනු ලැබිණ. ජනතා මණ්ඩල වලින් සේවයක් ලබා ගනු වෙනුවට, ඒවා යුද්ධ කටයුතු වලින් ඉවත් කොට තිබුණි. හදිසි තත්ත්වයක් ඇතිවුණු බව ප්‍රකාශ කරමින් රජය විසින් 'ඩියුමා මඩුල්ල' අවලංගු කොට විශේෂ ආඥාවක් යටතේ 'රස්පුටින්' නම් අමාත්‍යවරයකුගේ සහාය යටතේ පාලන කටයුතු ගෙනයනු දැකිය හැකිය. මෙලෙස ඇතිවූ පාලනය මහත් දූෂිත වූවා සේම රාජාණ්ඩුවේ ප්‍රධාන ආධාරකරුවන් වූ රදළයින්ගේ සහාය පවා ලබා ගනීමට සාර් රජුට නුපුළුවන් විය. ඔහු ඒ සඳහා උත්සහායක්ද නොගත්තේය. මෙයින් දළයින්ගේ විරුද්ධත්වයද රජු කෙරේ විය.
1917 බෝල්ෂේවික් විප්ලවයට පෙර රදළයින් රජු හා එරෙහි වූ බව පැහදිලි කරුණකි. යුද්ධ අවස්ථාවක රාජ්‍යයක් ආර්ථික අපහසුතාවයෙන් පෙළීම සාමාන්‍ය කරුණක් වුවද රුසියාවේ පැවැති දුර්වල ආර්ථික තත්ත්වය නිසා රුසියාවට එය බෙහෙවින්ම බලපෑවේය. සාමාන්‍ය ජනයා අන්ත පරිහානියට පත්වුණු අතර ගොවිපළවල් අත්හැර යුද්ධ කටයුතු සඳහා ගිය ගොවි ජනයාගේ ජීවිත වඩාත් දුඃඛිත විය.
ප්‍රධාන නගර සෑම එකකම පාහේ ආහාර හිඟකම නිසා කැලඹිලි ඇතිවිය. ග්‍රාමීය ප්‍රදේශවලින් නගරවලට ආහාර සැපයීමක් නොමති වූයෙන් කම්කරුවන්ගේ ජීවිතයද ගෙන යාමට අපහසු විය. යුද්ධ කටයුතු සඳහා කම්හල් යොදා ගැනීමෙන් කම්කරුවෝ මහත් අපහසුතාවට පත්වූහ. කම්කරු වර්ජන ව්‍යාපාර සෑම නගරයකම ඇතිවුණ අතර රුසියාවේ ජීවන වියදම හත් අට ගුණයකින් ඉහළ ගියේය. මේ අවධියේ විප්ලව වාදීන් යළිත් රුසියන් දේශපාලන භුමියෙහි බලය ලබා ගන්නා අන්දම දැකිය හැකිය.
තිබූ රාජාණ්ඩුව බිඳ දමා 1917 පෙබරවාරි මස විප්ලවයක් ඇති වී නව මධ්‍යම පාන්තික ආණ්ඩුවක් ඇති කොට නව ව්‍යවස්ථාවක් සකස් කර ගත්තේය. එම ව්‍යවස්ථාවට අනුව තාවකාලික රජයක් පිහිටුවා ගනු ලැබිණි. මෙම තාවකාලික රජයෙන් බලාපොරොත්තු වූයේ සාමය පවත්වා ගැනීමත් ජීවිතය ගෙන යාමට ආහාර පාන ලබා ගැනීමත්ය. තාවකාලික රජයද රුසියවට අවශ්‍ය ඉල්ලීම් ලබා දීමට අපොහොසත් වූ අතර ඒ අනුව තවත් විප්ලවයක පෙර නිමිති දක්නට ලැබුණි.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව රාජාණ්ඩුව බිඳ දමා, තාවකාලික රජයක් ඇති කර ගැනීමෙන් මධ්‍යම පන්තිය යුද්ධ හමුදා නිලධාරින්, කම්කරු පන්තිය සහ ගොවි ජනතාව තම අයිතිවාසිකම් ලබා ගැනීමට බලාපොරොත්තු වූහ. අලුතින් පිහිටුවා ගත් ආණ්ඩුව මගින් යුද්ධය ජයග්‍රහණය කළ හැකි බව ඔවුන්ගේ අපේක්ෂාව වූයේය. සාමාන්‍ය පොදු ජනයා අතුරින් ඇති වූ යුද්ධ භටයා අපේක්ෂා කළේ යුද්ධ කටයුතු වල නිමාවකි. ගොවි ජනයා අපේක්ෂා කළේ ඉඩම් ලබා ගැනීමයි. මේ අනුව සියලු කොටසකගේම සහාය මධ්‍යයෙහි පිහිටුවා ගත් තාවකාලික රජය 'කෙරන්ස්හි' ප්‍රමුඛ මෙන්ෂේවික් වරුන් විසින් ගෙන යාමට කටයුතු කෙරිණි. මෙම අවධියේ මධ්‍යම පන්තිය වැඩි වශයෙන් වැඩි වශයෙන්ම නියෝජනය වුණු මෙම රජයට රුසියන් ජනතාව බලාපොරොත්තු වූ පරිදි කරුණු ඉටු කර දීමට නොහැකි විය. ඒ බව මහජනයාට වැඩි කල් නොගොස්ම පෙනී ගියේය. ජර්මන් හමුදාවන්ට විරුද්ධව සටන් කොට පළවන ලෝක යුද්ධයෙන් ජය ගැනීමට තාවකාලික රජයට අපහසු විය. රුසියන් හමුදා ජය ලැබුයේ නම් තාවකාලික රජය කෙරෙහි විරුද්ධතා ඇතිවීමට ඉඩ නොතිබුණි. යුද්ධ හමුදාව පැවතියේ දුබල ස්වභාවයේමය.
යුද්ධ භටයන් බලාපොරොත්තු වූ පරිදි සාමයක් නොලැබුණි. ආහාර ප්‍රශ්නයට හා ගමනා ගමන කටයුතු වලට මෙම තාවකාලික රජයේ අවධානය යොමු වූයේ නැත. ඉඩම් ප්‍රශ්නය විසඳීමටද අමාත්‍යවරු කටයුතු නොකළෝය. මේ නිසා යළිත් දුප්පත් කමින් පෙළී සිටි ගොවි ජනතාවට සිදු වූයේ තව තවත් ගැහැට විඳීමටයි. මෙන්ෂෙවික් වරුන් විප්ලව වාදීන් පිරිසක් ලෙසින් පෙනී ගියද මෙම අවධියේ දී ඔවුන් මධ්‍යම පන්තිය හා ධනපති ඉඩම් හිමියන්ගේ අයිතිවාසිකම් රැකීමට පමණක් කටයුතු කළ නිසා විප්ලව විරෝධි පිරිසක් ලෙස සාමාන්‍ය ජනතාවට පෙනී ගියේය. තාවකාලික රජයට විරුද්ධ වූ පිරිසක් මෙම අවධියේ දී රුසියාවේ ඇති විය. කම්කරු ගොවි ජන කොටස් කෙරෙහි කිසිවෙකුගේ අවධානය යොමු නොවීය. මෙවැනි සාමාජික වෙනස්කම් මධ්‍යයේ ලෙනින්ගේ නායකත්වය මත පිහිටා තිබූ බොල්ෂේවික් පක්ෂය ජනයාගේ ඉල්ලීම ලබා දිය හැකි එකම පක්ෂය ලෙසට රුසියන් ජනතාවට පෙනී ගියේය. තාවකාලික රජයේ හෝ වෙනත් කොටස් අතර හෝ අවස්ථානුකුලව නායකත්වයක් ගත හැකි තැනැත්තෙක් නොවීය. මේ අතර බෝල්ෂේවික් පක්ෂය ඒ සඳහා ඉදිරිපත් විය හැකි එකම පක්ෂය වීම වැදගත්ය. තාවකාලික රජය ඇතුළත භේද පැවතීමද, එය ක්‍රියාත්මක කිරීමෙහිලා අපහසුකම් ඇති කළේය. එහි සාමාජිකයෝ විවාද කිරීම හා නූවමනා සාකච්ඡා කිරීම පමණක් කළ අතර ජනතාවට අවශ්‍ය ඉල්ලීම් ඉටු කර නොදුන්හ. මෙවකට රුසියාවේ ඇතිව තිබූ ප්‍රාදේශීය සෝවියට් මණ්ඩලද, මෙන්ෂේවික් වරුන් ප්‍රමුඛ වුණ තාවකාලික රජයට සහාය නොදුන්නේය.
එහෙත් විප්ලවකාරී හැඟීම් රුසියාවේ මෙම අවධියේ දී ව්‍යාප්ත වූයෙන් බලවත් පක්ෂය වු බෝල්ෂේවික් පක්ෂයට සෝවියට් මණ්ඩල වලද සහාය නොඅඩුව ලැබුණි. පාලන කටයුතු වලදී මෙන්ෂේවික් වරුන් අසාර්ථක වීම සමඟම පෙට්රොග්‍රෑඩ්හි සෝවියට් මණ්ඩලය හා අනිත් සෝවියට් මණ්ඩල වලත් බලය ලෙනින් ප්‍රමුඛ වූ බෝල්ෂේවික් පක්ෂයට අයත් විය. ඇත්ත වශයෙන්ම බෝල්ෂේවික් වරුන් යුද්ධයට විරුද්ධ වූ පිරිසක් වූහ. රාජ්‍ය පාලනය ගෙන යාම මධ්‍යම පාන්තිකයිනට පමණක් හෝ උසස් පන්තියට පමණක් ලැබිය යුතු එකක් නොව කම්කරු හා ගොවි ජනතාවට ඒවායේ ඒවායේ පාලනය ගෙන යාමට සහාය වීමට හැකි බව ලෙනින් ප්‍රමුඛ බෝල්ෂේවික් පක්ෂය ප්‍රකාශ කළේය. මේ අනුව මධ්‍යම පාන්තික දේශපාලන බලයක් වෙනුවට යුද්ධ හමුදා භටයින්, ගොවි ජනතාව, කම්කරු ජනතාව සහ අන්‍ය සෝවියට් මණ්ඩල වල නිලධාරින්ගෙන් සමන්විත සමූහ ආණ්ඩුවක් පිහිටුවන බව බෝල්ෂේවික් පක්ෂය ප්‍රකාශ කළේය. ගොවි ජනයාට අවශ්‍ය ඉඩම් පැනය විසඳීමට හැකියාවක් තිබූ එකම දේශපාලන පක්ෂය බෝල්ෂේවික් වරුන් බව පෙන්නුම් කළේය. පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම හේතුවෙන් දේශපාලන පක්ෂයක් වශයෙන් රුසියාවේ වැඩි ජනතාවකගේ සහාය ලෙනින්ට ලැබීම පුදුමයක් නොවේ.
හැකි ඉක්මනින් සියලුම ඉඩ කඩම් පවරා දීම හා ඉක්මනින්ම සාමය ලබාදීම බෝල්ෂේවික් වරුන්ගේ සටන් පාඨය විය. කම්කරු විප්ලවයක් ඇති වීමට මධ්‍යම පාන්තික විප්ලවයක් ඇතිවන තෙක් බලා නොසිටිය යුතු යයි ලෙනින් විසින් නිකුත් කළ "අප්‍රියෙල් ප්‍රකාශනයේ" සඳහන් විය. ට්‍රොටිස්කි යටතේ පක්‍ෂ සංවිධානය ක්‍රමවත් කළ ඔහු ප්‍රමුඛ බෝල්ෂේවික් පාක්ෂිකයන් ලෙනින්ගේ බලයත්, බෝල්ෂේවික් වරුන්ගේ බලයත්, බිඳ දැමීමට කටයුතු කළද, ප්‍රථම වරට සෝවියට් සමූහාණ්ඩුවක් රුසියාවේ 1917 බෝල්ෂේවික් විප්ලවයෙන් පසුව ඇතිවුණි. එහෙත් රුසියන් පාලන බලය මෙහෙයවමින් සිටි සාර් පෙළපත රුසියාවෙන් නැත්තටම නැති වන ලෙස බෝල්ෂේවික්වරු තම ක්‍රියා මාර්ගය සකස් කළහ.