ඇමරිකානු නිදහස් සටන
 

15 වන 16 වන සියවස්වල භූගෝල ශාස්ත්‍රිය ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් ඇමරිකාව සොයා ගන්නා ලදී. (උතුරු හා දකුණු වශයෙන්) ඇමරිකා දෙක අතුරින් යුරෝපීයන්ගේ වඩාත් සිත් බැඳුනේ දකුණු ඇමරිකාව වෙතය. දකුණු ඇමරිකාව රන් රිදී හා මැණික් වැනි වටිනා ඛනිජ වර්ග වලින් පිරී තිබුණි. එහි වාසය කරන ලද්දේ ශිෂ්ඨ සම්පන්න වූ, එසේම ඉතාමත් පහසුවෙන් පරාජය කළ වූ මිනිස් වර්ගයකි. පීරූ ප්‍රදේශයේ ඉන්කාවරු මීට නිදසුනකි. ස්පාඤ්ඤ ජාතිකයෝ ඇමරිකාවට ගොස් මෙක්සිකෝ පීරූ වැනි ප්‍රදේශ අල්ලා ගෙන එහි පදිංචි වූහ.


ඝණ කැලෑ, මඩ වගුරු, කඳු වැටි, ගංගා ආදියෙන් සමන්විත වූ උතුරු ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ මෙන් වටිනා ඛනිජ වර්ග ද නොවීය. උතුරු ඇමරිකාවේ දේශගුණය යුරෝපයට සමාන වුව ද ස්පාඤ්ඤය ඇතුලු අනෙකුත් යුරෝපීය ජාතිකයින්ගේ සිත් ගත්තේ නැත. එහෙත් යුරෝපයේ පැවති ආගමික විප්ලවය නිසා 17වන සියවසේ මුල් භාගයේ පටන් උතුරු ඇමරිකාව ජනාවාස වන්නට පටන් ගත්තේය. ආගමික ප්‍රශ්න මත නොයෙක් හිංසා පීඩා වලට මුහුණ දුන් යුරෝපයේ ජනතාව ඒවායින් මිදීම සඳහා ඇමරිකාවට ගොස් පදිංචි වන්නට පටන් ගත්තෝය. එසේම වස්තු භංගත්වය වැනි වෙනත් හේතුන් නිසාද යුරෝපයේ ජීවත් වීමට නොහැකි යයි සිතු පිරිස් ද ඇමරිකාවට පැමිණියහ. මෙසේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඕලන්දය වැනි රටවලින් ඇමරිකාවට පැමිණි ජනයා තැන තැන ජනපද පිහිටුවා ගත්හ.


17වන ශත වර්ෂයේ මුල සිට 18වන ශත වර්ෂයේ මැද භාගය දක්වා සාන්ත ලෝරන්ස් ගංගාවෙන් උතුරෙහි විශාල ජනපදයක් ද, ඉන් දකුණෙහි අත්ලාන්තික් සයුර අසබඩ ඉංග්‍රිසි ඕලන්ද යන ජාති දෙකින් සෑදුණු ජනපද 13ක්ද වූයේය. ප්‍රධාන වශයෙන් ඉංග්‍රිසින්ගෙන් සෑදුණද, වෙනත් යුරෝපීයෝද එහි පදිංචි වී සිටියෝය. මේ නිසා ඔවුන් අතර එතරම් එකමුතු බවක් ද නොවීය. යුරෝපයේ දී ඔවුන් අතර ආගම් භේද ආදිය පිළිබඳ වූ වෛරය ජනපද ආරම්භයේදී ඇමරිකාවේද දක්නට ලැබුණි. එසේම ජනපදය පිහිටුවීමේ හේතුව ජනගහණ ලක්ෂණ ජීවන රටාව ආදී අංශයන්ගෙන් මොවුහු එකිනෙකාට වෙනස් වූහ. මේ වෙනස් කම් අනුව ඇමරිකානු ජනපද කොටස් තුනකට බෙදිය හැකිය. උතුරු ජනපද එනම් නිව් ඉංග්ලන්ඩ් ප්‍රමුඛ ප්‍රදේශ ඉංග්‍රිසින්ගෙන් යුක්ත වූ අතර, ඕලන්දයන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් පදිංචි වී සිටියහ. මේ උතුරු ප්‍රදේශයේ වැසියෝ තිරිඟු වැවීම, සත්ත්ව පාලනය ආදිය කළහ. දකුණෙහි පිහිටා තිබූ ජෝර්ජියා, වර්ජිනියා ආදී ජනපද වල දේශගුණය උක් කපු හා දුම්කොළ වගාවට යෝග්‍ය විය. මධ්‍යම ප්‍රදේශයේ තිබූ පෙන්සිල්වේනියා වැනි ප්‍රදේශ වල උතුරු දකුණු ලක්ෂණ සංකලනය වී පැවතියේය.


එසේ වුවද 1600 සිට 18 වන සියවසේ මැද භාගය දක්වා වසර 150ක් තුළදී මේ ජනපද වාසීහූ ඉංග්‍රිසි භාෂාව හා ඉංග්‍රිසි සංස්කෘතිය වැළඳ ගෙන වෙනම වර්ගයක් වශයෙන් පෙනෙන්නට වූහ. මේ ජනපද 13 නීත්‍යානුකුලව බ්‍රිතාන්‍යයට යටත් ලෙස සැලකුණද, ඒවායේ පාලනය ලැබූ ආණ්ඩුකාරයෙකු සහ ජනපද වාසීන්ගෙන් තෝරා ගන්නා ලද උපදේශක මණ්ඩලයක් මගින් එක් එක් ජනපදයක් පාලනය වූයේය. මේ උපදේශක මණ්ඩල ජනපද වසීන් විසින් ඡන්දයෙන් පත් කර ගන්නා ලද නියෝජිතයින්ගෙන් සමන්විත විය. ක්‍රමවත් තැපැල් සේවයක් නොතිබූ මෙකල එංගලන්තයේ සහ ඇමරිකන් ජනපද අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අසීරු විය. යටත් විජිත හා එංගලන්තය අතර දුර ප්‍රමාණය සැතපුමෛ 3000කි. මේ දුර ප්‍රමණය නිසා යටත් විජිත සමඟ පැවති සම්බන්ධතාවය ක්‍රමවත්ව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නුපුලුවන් විය. රුවල් නැව් වලින් රටවල් දෙක අතර ගමනා ගමනයට බොහෝ කල් ගතවුණු බැවින් එංගලන්ත ආණ්ඩුවට ඉතා සියුම් ලෙස ඇමරිකාව පාලනය කිරීම අපහසු විය. ප්‍රශ්න මතුවන අන්දමට කෙසේ ක්‍රියාකළ යුතුදැයි උපදෙස් දීමට ඉංග්‍රිසි ආණ්ඩුවට හැකියාවක් නොතිබුණු බැවින් ආණ්ඩුකාරයා ලැබුවේ සාමාන්‍ය පොදු උපදේශයක් පමණකි. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ ජනපද වාසීන්ගේ ආණ්ඩුව තරමක් දුරට නිදහස් එකක් වීමය.


එහෙත් ජනපද පාලනය කිරීමට එංගලන්තයට තිබූ අයිතිය හෝ ඇමරිකව පිළිබඳව ඉංග්‍රිසි පාර්ලිමේන්තුවට අයිති වූ ශ්‍රේෂ්ඨ බලතල පිළිබඳ සැකයක් හෝ විරුද්ධතාවයක් ඇමරිකන් වරුන් අතර නොවීය. තමන් බ්‍රිතාන්‍යය රාජ්‍යයට යටත් වැසියන් බව ඇමරිකන් වරුන්ගේ අදහස වූයේය.


මේ අයුරින් දේශපාලන අංශයෙන් ජනපද වාසීන් නිදහස් වී සිටියත්, ආර්ථික නීති රීති සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාලනය ඔවුන් කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. එවකට පිළිගෙන තිබූ වාණිජ වදයට අනුව, ඇමරිකාවේ ආර්ථික ජීවිතය පාලනය කිරීමේ අපේක්ෂාවෙන් එංගලන්තය පනවා තිබූ 'නාවික නීති' වලට අනුව ඇමරිකන් ජනපද වල කර්මාන්ත පටන් ගැනීම තහනම් විය. නාවික හමුදාවක් තබාගැනීම නීති විරෝධි කරන ලද අතර ඇමරිකාවෙන් පිටරටට යැවෙන හෝ එරටට ගෙනෙන සියලුම බඩු ඉංග්‍රිසි නැව් වලින්ම එහා මෙහා ගෙන ආ යුතුවිය. වාණිජ වාදය එකල පිළිගත් නිසාත්,දියුණු නැව් හමුදාවක් තිබුණේ බ්‍රිතන්‍යයට පමණක් නිසාත්, අධිරාජ්‍යයේ සාමාජිකයන් වශයෙන් ජනපද වාසීන්ගෙන් අයකරන ලද්දේ සහනදායී තීරු බද්දක් නිසාත් ඇමරිකනුවන් ඉහත කී නීති රීති අසාධාරණ ඒවා වශයෙන් සැලකුවේ නැත. එසේම ඇමරිකානුවන් ඉංග්‍රිසි පාලනයට යටත් වී සිටීමට විරෝධය නොපෑවේ ඔවුනට ඉංග්‍රිසීන්ගේ ආධාරය අත්‍යාවශ්‍ය වු බැවිනි.මේ කාලය වන විට ඇමරිකන් ජනපද වාසීහු ප්‍රංශ සහ රතු ඉන්දියන් වරුන්ගේ තර්ජන වලට මුහුණ දෙමින් සිටියෝය. සාන්ත ලෝරන්ස් ගංඟාවෙන් උතුරු ප්‍රදේශය ප්‍රංශ ජාතිකයින්ට හිමි වී පැවති අතර, එම ගඟින් දකුණෙහි නැගෙනහිර වෙරළ ඔස්සේ ඉංග්‍රීසි ජනපද පිහිටුවා තිබුණි. මෙම ජාතීන් දෙකේ ජනපද ව්‍යාපාරය නිසා කලින් ඇමරිකාව පුරාම වාසය කළ රතු ඉන්දියානුවෝ ක්‍රම ක්‍රමයෙන් බටහිර දෙසට තල්ලු වෙමින් සිටියෝය. ඉංග්‍රීසි ප්‍රදේශවල ජනගහණය වැඩි වෙත්ම ඔවුහු මධ්‍යම සහ බටහිර තැනි තලාව දෙස නෙත් යොමු කළහ. මෙසේ ඉංග්‍රිසි ජනපද බටහිර දිශාවට පතිරීම රතු ඉන්දියනුවන්ට විශාල තර්ජනයක් විය. ධාන්‍ය ගොවිතැන් කිරීමෙන් හා බයිසන් ගවයන් දඩයම් කිරීමෙන් දිවි ගෙවූ රතු ඉන්දියානුවන්ගේ බිම් ප්‍රදේශ විදේශිකයන් විසින් අත්පත් කර ගැනීම පිළිබඳව ඔවුන්ගේ කැමැත්තක් නොවීය. ඉංග්‍රීසි ජනපද වැසියන්ට ඉඩම් අල්ලා ගැනීමේ ප්‍රශ්නය උඩ ප්‍රංශ සහ රතු ඉන්දියන් යන ජාතීන් දෙක සමඟම සටන් වැදීමට සිදුවිය. මේ සටනේදී ඇමරිකාවට ආධාර ලැබුණේ එංගලන්තයෙනි. සිය ආරක්ෂාව සඳහා එංගලන්තයේ උපකාරය අවශ්‍ය බව වටහා ගත් ඇමරිකානුවෝ, තමන්ට අවාසි කොතරම් සිදු වුවත් ඉංග්‍රිසි පාලනය කෙරෙහි අකමැත්තක් නොදැක්වූහ.


එහෙත් හත් අවුරුදු යුද්ධයෙන් (1756-1763) පසුව මේ තත්ත්වය වෙනස් වී ගියේය. මෙම යුද්ධයේදී ඉංග්‍රිසින් විසින් ප්‍රංශය පරාජය කළ අතර උතුරු ඇමරිකාවේත්, ඉන්දියාවේත් ප්‍රංශ විජිතයන් ඉංග්‍රිසින්ට අයිති විය. මේ නිසා ඇමරිකානුවන්ට මුහුණ දීමට සිදු වූ එක් තර්ජනයක් අවසාන විය. එසේම රතු ඉන්දියානුවන්ට විරුද්ධව ගෙන ගිය සටනද සාර්ථක විය. ජනපද වසීන් පන්නා දැමීම සඳහා 'පොන්ටියැක්' නම් රත‍ ඉන්දියානු නායකයා විසින් අති කරන ලද කුමන්ත්‍රණය බිඳ දමා ඔවුන්ගේ බලය විනාශ කර දැමීමට ඉංග්‍රිසින්ට හකිවිය. 1765 වන විට ඇමරිකානුවන්ට සත‍රු දෙපිරිසම විනාශ වී ගියෙන් ඇමරිකාව එංගලන්තයට බැඳී තිබුණු එක් බැම්මක් බිඳී ගියේය. මින් පසු ඔවුනට ඉංග්‍රිසි ආධාර අවශ්‍ය නොවූ අතර, ඉංග්‍රිසි පාලනය ස්වකීය නිදහසට බාධාවක් ලෙස ඇමරිකානුවෝ සිතන්නට පටන් ගත්හ. මෙය ඇමරිකානු නිදහස් සටනේ පසුබිම වෙයි.


හත් අවුරුදු යුද්ධයේදී ඇමරිකාවේ ආරක්ෂාව සඳහා විශාල මුදලක් වැය කිරීමට එංගලන්තයට සිදුවිය. මේ මුදල ජනපද වාසීන්ගේ යහපත සඳහාම යොදවන ලදින් එම යුද්ධ වියදම ආපසු ලබා ගැනීමට ඉංග්‍රිසි රජය විසින් උත්සාහ ගන්නා ලදී. ඉංග්‍රිසි රජයට බදු ගෙවන ලද්දේ ජනපද වල ව්‍යවස්ථා මණ්ඩල මගිනි. මෙතෙක් කල් බදු ගෙවන ලද්දේ ජනපද වල ව්‍යවස්ථා මණ්ඩල මගිනි. මෙතෙක් කල් බදු ගෙවන ලද පිළිවෙලින්ම වියදම් ආපසු ලබා ගැනීමට එංගලන්ත රජය උත්සාහ දැරුවේය. මධ්‍යතන යුගයේ සිටම බදු පැනවීම ඉංග්‍රිසි පාර්ලිමේන්තුවේ මූලික සේවයක් ලෙස සැලකිණි. ඉංග්‍රිසි ආණ්ඩු ක්‍රමය අනුව ගොඩනැගුණු යටත් විජිත වල බදු පැනවීම සිදු වූයේ ව්‍යවස්ථාදායක මණ්ඩල මගිනි. ඇමරිකාව පිළිබඳ ඕනෑම නීතියක් ඉංග්‍රිසි පාර්ලිමේන්ත‍ව මගින් සම්මත කළ හැකිය යන ඉංග්‍රිසි අයිතිය පිළිබඳ කුමන අන්දමේ හෝ සැකයක් ඇමරිකානුවන් අතර නොවීය. මේ නිසා හත් අවුරුදු යුද්ධය සඳහා වු වියදම ජනපද වල ව්‍යවස්ථාදායක් මණ්ඩල මගින් ගෙවන ලෙස එංගලන්ත රජය විසින් යෝජනා කර තිබුණි. මේ අනුව ඇමරිකවට හොරෙන් බඩු ගෙන යෑම වළක්වනු සඳහා 'වෙළඳ රීති මලවක්' බ්‍රිතාන්‍යයෙන් සම්මත වූ අතර 1765 දී 'මුද්දර පනත' නමින් තවත් ව්‍යවස්ථාවක් පනවන ලදී. ග්‍රෙන්විල් විසින් පනවන ලද මේ මුද්දර පනතට අනුව ඔප්පු, පුවත් පත සහ අනෙකුත් නීත්‍යානුකුල ලිය කියවිලි සඳහා මුද්දර ගාස්තු රජයට ගෙවිය යුතු විය. මෙකී මුද්දර පනතට විරුද්ධව ඇමරිකාව පුරා විශාල උද්ඝෝෂණයක් අැති විය. මේ කාලයේදී ඇමරිකව පුරා ඉඩම් විකිණීම බෙහෙවින්ම සිදු කෙරුණු අතර වැඩි මුද්දර ගාස්තු ගෙවීම ජනපද වාසීන්ට මහත් හිරිහැරයක් විය. ජනපද වාසීන්ගේ විරුද්ධත්වය නිසා 1766 දී බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකු වූ රොකින්හෑම් එම මුද්දර පනත අවලංගු කළේය.


මෙම මුද්දර පත අවලංගු කොට, ප්‍රකාශන පනතක් නිකුත් කරමින් එංගලන්ත පාර්ලිමේන්තුවට ජනපද කෙරෙහි ඕනෑම පනතක් පැනවීමට හෝ සම්මත කිරීමට බලය ඇති බව ප්‍රකාශ කෙරුණි. මෙම ප්‍රකාශනයෙන් ඇමරිකන් විජිත කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු සර්ව ආධිපත්‍යය ස්ථීර ලෙස ප්‍රකාශ කරන ලදී. අධිරාජ්‍ය නැවත ගොඩ නැංවීමට බ්‍රිතාන්‍ය ගත් තවත් ප්‍රයත්නයක් නම් 1767 ගාස්තු පනතයි. ඇමරිකාව වෙනුවෙන් වැය කළ මුදල් වලට පවුම් තුන් ලක්‍ෂයක් ලැබීමේ පරමාර්ථයෙන් ටවුන්සෙන් විසින් පත්‍ර, තේ, සායම්, වීදුරු ආදියට ආයාත ගාස්තු පනවනු ලැබිණි. මීට විරුද්ධව රට පුරාම කැරළි පැන නැගුණි. එබැවින් තේ හැරෙන්නට අනෙක් ද්‍රව්‍ය වෙනුවෙන් අය කළ ආයාත ගාස්තු අවලංගු කර දමන ලදී. මෙසේ කරන්නට අත්තේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමට ඇමරිකන්වරු ඉටා ගත්හ. එබැවින් 'නියෝජිතයින් නැතිනම් බදුත් නැතැ'යි යන න්‍යාය ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී. එවැනි න්‍යායක් ඉදිරිපත් කිරීමෙන් මේ කලය වන විට ඇමරිකාව පුරා නිදහස් අදහස් පැතිර තිබූ බව පෙනී යයි.


නිදහස් සටන ආරම්භ වූයේ බොස්ටන් වරායේ සිද්ධියෙනි. බොස්ටන් වරායේ නවතා තිබූ නැවකට ගොඩ වැදුණු ඇමරිකන්වරු එහි තිබූ තේ පෙට්ටි රැගෙන මුහුදට විසිකර දැමූහ. එසේම ඇමරිකානුවෝ කීප දෙනෙක් රතු ඉන්දියානුවන් මෙන් සැරසී බ්‍රිතාන්‍යය ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරින්ට හිම වලින් ගැසූහ. 1774 දී ජනපද දොළහක නියෝජිතයෝ එක් වී බ්‍රිතාන්‍යයට විරුද්ධව ක්‍රියා කිරීමට තීරණය කළහ. 1775 දී 'ලෙක්සිංටන්' නම් ස්ථානයේදී කෙරුණු සටන බ්‍රිතාන්‍යයත් ඇමරිකාවත් අතර ප්‍රථම සටනයි. ඒ වසරේදීම ජනපද සියල්ලේම නියෝජිතයෝ එක් වී බ්‍රිතාන්‍යයට විරුද්ධව සංගමයක් පවත්වා මුදල් අච්චු ගැසීමටත්, ජෝර්ජ් වොෂිංටන් යටතේ යුධ හමුදාවක් සංවිධානය කිරීමටත් තීරණය කොට ගත්හ. 1776 දී පේපර්සන් ප්රැන්ක්ලීන් සහ තවත් අය ප්‍රමුඛ කොටගත් කාරක මණ්ඩලයක් විසින් 'ස්වධිනතා ප්‍රකාශයක්' සම්පාදනය කර ගන්නා ලදී. මේ අනුව ඇමරිකන්වරු නිදහස් ජාතියක් බවට පරිවර්තනය වූහ. මෙතැන් සිට ඇමරිකන් කැරැල්ල ප්‍රතිසංස්කරණ බලාපොරොත්තුවෙන් ඇති වු ව්‍යාපාරයක් නොව නිදහස පතා කළ ජාතික සටනක් බවට විකාශනය විය. නූතන යුගයේ ප්‍රථම ජාතිවාදී කැරැල්ල වු එය 'ඇමරිකන්' නමින් නව ජාතියක් ලොව පහළ වු සාක්ෂියද වේ.


1776 දී ඇමරිකානුවන් ස්වාධිනතා ප්‍රකාශය කරන ලද්දේ ප්‍රංශය ජනතවගේ ඉල්ලීම අනුවය. එංගලන්තයෙන් පලි ගැනීමට බලා සිටි ප්‍රංශය ඉංග්‍රිසි විරෝධි ව්‍යාපාරයක් පටන් ගැනීමට නම් ඇමරිකාව නිදහස ප්‍රකාශ කළ යුතු බව පවසා සිටියේය. මේ අනුව 1778 දී ප්‍රංශය එංගලන්තයට විරුද්ධව යුද වැදුණේය. 1779 දී ස්පාඤ්ඤයද ඉංග්‍රිසින්ට විරුද්ධව පහර දීමට පටන් ගත්තේය. රුසියාව, ප්‍රශියාව, ස්වීඩනය ආදී රටවල්ද ඉංග්‍රිසීන්ට විරුද්ධව 'මධ්‍යස්ථ බල මණ්ඩලයක්' ආරම්භ කළහ. ඉන්දියාව, අයර්ලන්තය ආදී ඉංග්‍රීසි ජනපද වල ආණ්ඩු විරෝධි කැරලි හට ගත්තේය. මේ නිසා 'සරටෝගා' සටනේදීත් 'යෝක්ටවුන්'සටනේදීත් ඇමරිකාවට විශිෂ්ඨ ජයක් හිමි විය. සටන් වලින් පරාජය වූ බ්‍රිතාන්‍ය 1783 දී ඇමරිකාව සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබීය. මෙසේ 1783 දී ඇමරිකා එක්සත් ජනපදය නමින් අලුත් රාජ්‍යයක් බිහි වූයේය.


මව් රට හා අරගලයේදී ජනපද වාසීන්ගේ ජයග්‍රහණයට කරුණු කීපයක් හේතු විය. ඇමරිකාව හා බ්‍රිතාන්‍යයන් අතර දුර ප්‍රමාණය විශාල වූ බැවින් යුද්ධ සංවිධානය එංගලන්තයට අපහසු විය. සාගරයක් මැදින් යාත්‍රා කිරීමේදී අවශ්‍ය යුද්ධ උපකරණ හා ආහාර පාන අවශ්‍ය අවස්ථාවලදී ගෙන යාමට බ්‍රිතාන්‍ය හමුදා වලට අපහසු  විය. අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කිරීමෙන් කුණාටු වලට හසු වූ නැව් ගණනාවක්ම විනාශ වී ගියේය. ඉංග්‍රිසි හමුදා ඇමරිකාවේ භුගෝලීය ශාස්ත්‍රීය කරුණු පිළිබඳව දැන සිටියේ නැත. ඒ ජනපද වාසීන්ට නම් හොඳට හුරු පුරුදු රටක් වූ නමුත්, බ්‍රිතාන්‍ය හමුදා වලට එසේ නොවීය.


එසේම ජනපද වාසීහු ගරිල්ලා සටන් වල අති දක්ෂයෝ වූහ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සෙනෙවියෝ අදක්‍ෂ වූහ. ජෝර්ජ් වොෂිංටන්ට සමකළ හැකි එකද සෙනෙවියෙක් වත් බ්‍රිතාන්‍යයට නොවීය. ඇමරිකා ජනපදවල යුද්ධ භටයෝ විශේෂ ධෛර්යයකින් යුක්තව ජාති ආලයෙන් ඔද වැඩුණු පිරිසක් වු බැවින් ඇමරිකන් ජනපද වාසීන්ට ජයග්‍රහණය කිරීම ඉතාම පහසුවිය. ප්‍රංශ ස්පාඤ්ඤ ආදී අනෙකුත් ජාතීන්ද එංගලන්තයට විරුද්ධව යුද වැදුණහ. එංගලන්තයට සටන් කිරීමට සිදුවුයේ එක්සත් යුරෝපීය ජාතීන් සමූහයක් සමඟිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශ වලද ආණ්ඩු විරෝධි සටන් ඇති වු බැවින් ප්‍රශ්නය ඉතාමත්ම දරුණු විය. බ්‍රිතාන්‍ය ඇතුළතත් මේ සටනට විරුද්ධ කම් ඇති විය. එඩ්මන් බර්ක්, ෆොක්ස් වැනි නිදහස්වාදී දේශපාලඥයෝ ස්වකීය යටත් විජිතයට විරුද්ධව මව් රටක් හමුදා බලය යෙදවීම හෙළා දැක්කෝය. ඒ කරුණු සියල්ලම 1783 පැරිස් සාම ගිවිසුමින් ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාධීනත්වය පිළිගැනීමට එංගලන්තය පෙළඹවීමට හේතු විය. 1783 දී නිදහස් ආණ්ඩුවක් ලෙස බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් වෙන් වී ජෝර්ජ් වොෂිංටන් යටතේ ඇමරිකා එක්සත් ජනපද වාසීහු නිදහස ලබා ගත්හ.


නූතන යුගයේ සිදු වූ ප්‍රථම ජාතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඇමරිකාානු විප්ලවයි. මහජනයා ශක්තිමත් පදනමක් උඩ සකස් වුවහොත් ඕනෑම බලසම්පන්න අධිරාජ්‍යයක පාලනය වුවද පෙරළා දැමිය හැකි බව ඉන් තහවුරු වූයේය. 1783 දී නිදහස් වූ ඇමරිකන්වරැ 1787 දී ෆිලඩෙල්ෆියා සංගමයේදී නව ආණ්ඩුක්‍රමයක් සකසා ගත්හ. විධායක බලතල ජනාධිපතිටත් ව්‍යවස්ථාදායක බලය මධ්‍යම ව්‍යවස්ථාදායක මණ්ඩලයටත් හිමි ඒ ෆෙඩරල් ආණ්ඩුක්‍රමය එකල බ්‍රිතාන්‍යයේත්, ප්‍රංශයේත් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී හැඟීම් උඩ ගොඩනගන ලද එකක් වූයේය. 'ජනාධිපති ක්‍රමය' නමින් හැඳින්වෙන ඇමරිකානු ආණ්ඩුක්‍රමය අලුත් අන්දමක ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකයා ඉදිරියේ තැබුවේය. වත්මන ලෝකයේ ප්‍රබලතම රාජ්‍ය වන ඇමරිකා එක්සත් ජනපදය බිහිවූයේ මේ අන්දමිනි.


ඇමරිකන් විප්ලවය සාර්ථක වීමෙන් හටගත් ප්‍රතිඵල නොයෙක් අතින් ඉතාමත්ම වැදගත්ය. ජන සමූහයක් පැරණි රාජාණ්ඩුව

(c) Shilpa Sayura Foundation 2006-2017