17 වන 18 වන සියවස් වලදී රසායන විද්‍යාවද වැඩි දියුණු විය. ලැවෝසියර්, කැවෙන්ඩිෂ් සහ ප්‍රිස්‌ටිලි මේ සම්බන්ධයෙන් මූලික වූහ.
මනුෂ්‍ය තර්ක ඥානයට නොසැසදෙන තත්කාලීන ආගමික විශ්වාසයන්ටද වෝල්ටෙයා වැනි ලේඛකයෝ පහර දුන්හ. එසේම ආගම ධර්මයෙහි යථාර්ථය දැක්‌වෙන්නේ, වත් පිළිවෙත් මඟින් නොව මනුෂ්‍යයන්ගේ දිවි පැවතුම් මඟින්ය යනුවෙන් ආගම ධර්මය පිළිබඳ නියම ස්‌වභාවය පිළිබඳව අවබෝධයද දියුණු විය. මෙසේ මිනිස් ජීවිතය වැදගත් කොට සලකන්නට වීම නිසා සමාජ ජීවිතය ප්‍රතිසංස්‌කරණය කළ යුතුය යන උද්ඝෝෂණය ඇති විය. වහල් ව්‍යාපාරය තදබල ලෙස දෝෂාරෝපණයට ලක්‌විය. බන්ධනාගාර ක්‍රමයෙහි ප්‍රතිසංස්‌කරණයක් ඇති විය යුතු බවද අසරණයන් කෙරේ දක්‌වන සැලකිල්ල වැඩිවිය යුතු බවද අදහස් විය. මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ ජෝන් හවඩි නම් ඉංග්‍රීසි ජාතිකයාය. මෙවැනි අදහස්‌වල බලපෑම 17,18 වනසියවස් වල දේශපාලන ජීවිතය කෙරෙහිද දක්‌නා ලදී. පුවත්පත් නිදහස තිබිය යුතු යයි ජෝන් මිල්ටන් කියා සිටියේය.
1628 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ඉදිරිපති කරන ලද 'ජන අයිතිවාසිකම් අයදුම' පුද්ගලයාට රාජ්‍ය බලපෑමෙන් තොරව දේශපාලන නිදහස තිබිය යුතුයි යන්න කියාපාන්නකි. මොන්ට්‌ස්‌ක්‍ය[ පඬිවරයා යහපත් පාලනයෙහි මූල ධර්ම විග්‍රහ කළේය. නිදහස ඉතා හොදින් රැකගත හැකි වන්නේ කිසියම් ආණ්‌ඩුවක ඒ ඒ බලතල බෙදා හැරීමෙන් බව ඔහුගේ අදහස විය. රූසෝ මිනිස් නිදහස පිළිබඳව ඊටත් වඩා ප්‍රබල මතයක් ගෙන හැර දැක්‌වූයේය. මහජන කැමැත්ත සෑම බලයකටම මුල්විය යුතුය යන්න ඔහුගේ අදහස විය. වෙනත් චින්තකයෝ බොහෝ දෙනෙක් මිනිස් ස්‌වභාවය, අධ්‍යාපනය මඟින් වඩාත් හොඳ අතට හරවා ගතහැකි යැයි විශ්වාස කළහ.