කෝ මගේ දරුවෝ අනේ
කෝ මගෙ කුඩුව අනේ
නැ පෙනෙනට මේ තැනේ
කාට කියමි මේ වැ සනේ
කොල්ලනි මගෙ දරුවනුත්
අල්ලා-ගෙන නො කැර මෙත්
සොල්ලා හැර කුඩුවත්
දැල්ලූවේ කිම දුක මහත්
තොප නැති වුණ හොත් තොපේ
මව ගඬමින් බිම හැපේ
ඇයි නැති කලෙ මගෙ සැපේ
සිත මගෙ තැබු වැනි ලිපේ
මින් මතු සොඳ ළමයි නේ
වන් මට මේ දුක දැ නේ
ඉන්නට අපටත් ව නේ
පින් ඇති ඇරියොත් අ නේ
