ඕස්‌ට්‍රියාවේ ද මෙකල පැවතුණේ අධිරාජයෙකු ප්‍රමුඛ ඒකාධිපති ආණ්‌ඩුවකි. 1682 සිට 1725 දක්‌වා රුසියාවේ රජකළ මහා පීටර් රජුද නැගෙනහිර යුරෝපයෙහි වර්තමාන රාජ්‍යය මවන ලද්දේය. දුරදිග දක්‌නා කල්පනා ශක්‌තියෙන් යුත් පුද්ගලයෙක් වු මහ පීටර් රජු ඕලන්දය, එංගලන්තය ආදී බටහිර යුරෝපා රටවල් වල සංචාරය කොට අලුත් රුසියාවක් හදා වඩා ගැනීමට තීරණය කළේය. ගොඩබිමින් ඇහුරුණු රුසියාව වැනි රටකට අවශ්‍ය වූයේ මුහුදට පිවිසෙන බිහි දොරටුය. බටහිරට ඇරෙන කවුළුය. මෙවැනි එක් කවුළුවක් බෝල්ටික් මුහුදටද තව එකක් කළු මුහුදටද විවෘත කර හැකිව තිබුණේය.
ප්‍රථමයෙන්ම ඔහු තුර්කිය පරාජය කොට කළු මුහුදට කවුළුව විවෘත කර ගත්තේය. දෙවන කවුළුව ඇරගත හැකි වූයේ ස්‌වීඩනය හා යුද්ධ කිරීමෙනි. ඔහු ස්‌වීඩනයේ චාල්ස් රජුට විරුද්ධව වර්ෂ දහයක් යුද්ධ කොට 1709 දී එම රජු පෝල්ටාවා සටනේදී පරාජය කළේය. පීටර් රජු සැන්ට් පීටර්ස් බර්ග් නගරය ගොඩ නැංවූයේ මේ භුමි භාගයේය. ඔහුගේ ආණ්‌ඩුව සැඩ පරුෂ ඒකාධිපති පාලනයක් වූයේය. 'සාර් වනාහි සර්ව බලධාරි මහා රජාණන් වහන්සේය. උන්වහන්සේ මෙලොව කිසිවෙකුට වගකියන්නට බැඳී නැතැයි' උදම් ඇනීය. ඔහු පැරණි වැඩවසම් ක්‍රමය අනුව පැවත ආ හේවා වසම් නැතිකර, ඒ වෙනුවට තමා විසින්ම පඬි ගෙවන 2000,000 කින් යුත් සේනාවක් ඇතිකර ගත්තේය. තමාට ප්‍රතිමල්ල කිසිවෙකුට රුසියාවෙහි ඉඩ නොතැබීම අවශ්‍යය යැයි තේරුම් ගත් ඔහු රුසියානු ක්‍රිස්‌තියානුන්ගේ නායක තැන්පත් මොස්‌කව්හි 'පීතෘවරයාගේ' තනතුර අවලංගු කොට ඒ වෙනුවට ආගමික කටයුතු භාර 'සීනඩි' හෙවත් පූජක සභාවක් පත් කළේය. 'ඩූමා සභාව' හෙවත් පරණි පාර්ලිමේන්තුව පවා අවලංගු කොට ඒ වෙනුවට තමා විසින් පත් කරනු ලබන්නන් ගෙන් යුත් කුඩා සභාවක් ඇති කළේය. පීටර් රජු විසින් මේ අන්දමින් ඇතිකරන ලද ඒකාධිපති රාජ්‍යය ඔහුට පසුව රජ පැමිණි මහා කැතරින් ආදී දීර්ඝ රාජ පරම්පරාවක් විසින් දිගින් දිගටම පවත්වා ගෙන යන ලදී.
මෙලෙස වැඩවසම් යුරෝපය ජාතික රාජ්‍යයන් වශයෙන් බෙදී ගියේය. මේ ජාතික රාජ්‍ය ප්‍රජා සම්මත රජවරුන් යටතේ පැවති ඒකාධිපති රටවල්ය. ඒකාධිපති පාලකයින්ගේ බලතලවලට විරුද්ධකම් ඇතිවූයේ මහා බ්‍රිතාන්‍යයෙහිත් ඕලන්දයෙහිත් පමණකි. එංගලන්තයේ ඇතිවුණු අභ්‍යන්තර යුද්ධය ක්‍රමාණුකුල රාජාණ්‌ඩුවකට මඟ පෑදුවේය. ඕලන්ද වැසියන්ගේ කැරැල්ල සමූහාණ්‌ඩුවක් ඇතිවීමට හේතුවිය.
එසේ ජාතික රාජ්‍යයන් උදාවීම හේතු කොටගෙන ඒ ඒ ජාතීන් අතර තරඟයක්‌ද වෙළඳාම් කටයුතුවල ව්‍යාප්තියක්‌ද ඇතිවූයේය. ස්‌පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, ප්‍රංශය හා එංගලන්තය යන මේ රටවල් පුරාණ ලොවේත් නව ලොවේත් විජිත පිහිටුවා අනාගත අධිරාජ්‍යවලට මුල පිරූහ. අප්‍රිකාවේ හා ආසියාවේ පැවතුණු රාජ්‍යයෝ තුවක්‌කුව හා ප්‍රබල නාවික කණ්‌ඩායම් පිහිට කොටගත් මේ යුරෝපීය ජාතීන් හා කරටකර සිටින්නට අසමත් වූහ. අධිරාජ්‍යයක් ඉඳිකිරීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ යුරෝපීයයන්ගේ මේ නවීන යුද්ධායුධ හා ආසියාතික ජාතීන්ගේ අසමඟිය නිසාය.
වර්තමාන ලෝකය ඉතා වැදගත් විශේෂ ලක්‌ෂණ තුනකින් යුක්‌තවේ. සාමාන්‍ය මිනිසා නැඟී සිටීම ඔහු සිය රටේ පාලනයට සහභාගිවීම මින් එකකි. කාර්මික නිපදවීම් හේතු කොටගෙන මිනිස් ජීවිතයෙහි ඇතිව් තිබෙන විශාල වෙනස තව එකකි. තෙවෙනි ලක්‌ෂණය වන්නේ මිනිස් සිත පාරම්පරික සම්මුතියෙන් හා බාධාවලින් මිදීම හා තර්ක ඥානයට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ ලැබීමය.

ඉංග්‍රීසි විප්ලවය, ඇමරිකන් හා ප්‍රංශ විප්ලවද, නව ලෝකයේ ඇතිවූ කැරලි ගැසීම්ද, ඉහත දැක්‌වූ පළමු ලක්‌ෂණයට නිදසුන්වේ. කාර්මික විප්ලවය යන්න දෙවැන්නට සාමාන්‍යයෙන් යෙදිය හැකිය. චින්තන විප්ලවය යන්න තෙවැන්නට ඉතාම සුදුසු නමයි. වත්මන් ලෝකයේ උදාවට පෙර නිමිති වූයේ මේ මහා විප්ලව තුනයි.