ස්‌පාඤ්ඤ රාජ්‍යය
 

ක්‍රිස්‌තියානි ලෝකය කඩවී ගොස්‌ ජාතික රාජ්‍ය ගණනාවකට බෙදී ගියේය. මේ එක්‌ එක්‌ රාජ්‍යපැවතියේ ප්‍රජා සම්මත රාජාණ්‌ඩුවක්‌ යටතේය. ඒ රාජ්‍යයන්හි ජාතික හැඟීම් ඇතිවීම හේතු කොටගෙන ලතින් භාෂාව පාවිච්චි කිරීම අභාවයට ගොස්‌, ඒ වෙනුවට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි වැනි ස්‌ව භාෂාවෝ ව්‍යවහාරයට පැමිණියහ.



මේ ජාතික රාජ්‍යයන්ගෙන් පළමුවැන්න ෆර්ඩිනන්ඩ් රජු හා ඉසබෙලා බිසව යටතේ ඇතිවූ ස්‌පාඤ්ඤ රාජ්‍යයයි. මෙහිදී වෙන් වෙන් වශයෙන් පැවති ප්‍රදේශ සියල්ලම එක්‌සත් කොට එකම රාජ්‍යයක්‌ ඇතිකර ගන්නාලදී. ස්‌පාඤ්ඤ මුහුදෙන් එතෙර අධිරාජ්‍යයක්‌ ඇතිකර ගත්තේද ඉහත කී රජු සහ රැජිනගේ ආධාර උපකාරයෙනි. යටත් විජිත රටවල සිට රන් හා රිදී ස්‌පාඤ්ඤයට ගලා එන්නට වූයෙන් එරට ඉතාමත්ම ධනවත් රාජ්‍යයක්‌ බවට පැමිණියේය. ඕස්‌ට්‍රියානු රජ පවුල හා විවාහ සම්බන්ධකම් ඇතිවීම හේතු කොටගෙන ස්‌පාඤ්ඤ, අධිරාජ්‍ය විශේෂයෙන්ම පස්‌වන චාල්ස්‌ අධිරාජයාගේ සමයේදී යුරෝපයේ ඉතාමත්ම බලසම්පන්න රාජ්‍යයක්‌ බවට පත්වූයේය. එකොළොස්‌වන ලූයී රජු යටතේ ප්‍රංශයද එක්‌සත් වූයේය. බර්ගන්ඩියේ අභිමානවත් ආදිපාදයන්ගේ ඔද බිඳින ලදී. බ්‍රිටනියේ උරුමක්‌කාරිය සමඟ විවාහ වීමෙන් පසුව එකොළොස්‌වන ලුයී මුළු ප්‍රංශයටම රජ වූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017