ලේනා
 


 

ලේනේ ඔබ පා නිදහස
ටිං ටිං ගාමින් මේ ලෙස
බුදිමින් හොඳ හොඳ පල රස
සිටිනු දකින මට වෙයි තොස

වන දෙවියන් ඔබ වමතට
ගෙන දකුණින් ආදර කොට
පිරි මැදුමෙන් ඇඟිලි තුනට
ඇඳුණු ලෙසින් ඉරී පිට

වලග කුමට ගසේ ගසා
කලබල කරනු ද මෙ ලෙසා
පල කන්නට රිස විලසා
බලය ඔබට දෙමි මෙ ලෙසා

ජම්බු ගෙඩිය ගෙන දැති න
වට පිට නො බලා මෙ ලෙසි න
කන්න කිසිත් බියක්‌ නොගෙ න
මගෙන් ඔබට දොසක්‌ නොව න

(c) Shilpa Sayura Foundation 2006-2017