15 වන ශත වර්ශයේදී ඉතාලිය ඒකීය රාජ්‍යයක් නොවීය. එය නිදහස් කුඩා රාජ්‍යයන් රැසක් වීය. දකුණින් වූ නේපල්ස් රජුන් කිහිප දෙනකුම පාලනය කළහ. මධ්‍ය ප්‍රදේශය රෝමානු කතෝලිය පාලනය යටතේ විය.
උතුරු ප්‍රදේශය වූ ෆ්ලෝරන්ස් පාලනය කළේ ඉතා ධවත් පවුල්ය. මේ රාජ්‍ය අතර සමගියක් නොවූ අතර එකිනෙකා අතර යුද ගැටුම්ද වීය.
උතුරු ප්‍රදේශය වූ ෆ්ලෝරන්ස් පාලනය කළේ ඉතා ධවත් පවුල්ය. මේ රාජ්‍ය අතර සමගියක් නොවූ අතර එකිනෙකා අතර යුද ගැටුම්ද වීය.
යුරෝපීය පුනරුදය ඇරඹුනේ ඉතාලියෙනි. 13 වන ශත වර්ශයේ සිට 16 වන ශත වර්ෂය දක්වා එය පැවතිනි. මධ්‍යතන යුරෝපය නව යුරෝපයක් බවට පෙරලිඝ මේ කාලයේදි ආරම්භ වි. විද්‍යාව හා කලාව දියුණු වූවද මධ්‍යතන ලෝකයේ සමාජීය ලක්‍ෂණ එතරම් වෙනස් නොවීය.
ඔබ කාලයේ ඔටෝමාන් අධිරාජ්‍යය ගොඩනැගෙමින් තිබුණු අතර, ඇලෙක්සැන්ඩ්‍රියාව, කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන් අධිරාජ්‍යය යටතේ වීය. මේ නිසා උගතුන් රැසක් ඉතාලිය බලා ගියහ. ෆ්ලෝරන්ස් නගරයේ ධනවත් කම නිසා එය අන් අංශ වලින් ද දියුණුවීමටද පටන් ගති.
15 වන සියවසෙහි ඉතාලියේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් රාශියක් පහළ විය. මෙහි බොහෝ දෙනෙකුගේ ප්‍රතිභා ශක්‌තිය එක්‌දෙයකට පමණක් සීමා නොවී කලාශිල්ප, විද්‍යා, ගණිත හා එදා පැවති සෙසු කෞශල්‍යයන් පුරාද විහිදී ගියේය. ලියොනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජිලෝ හා රපායෙල් සැන්ටි මොවුන් අතර වැදගත් කලාකරුවෝ වෙති. ඔවුන්ගේ නිර්මාණ නවමු පමණක් නොව සාම්ප්‍රදායික ලක්‍ෂණද බිඳ හෙලීය.
ඔවුන්ගේ කලාකෘතිවල ත්‍රිමාණ භාවය, ආලෝකය හා අඳුර මෙන්ම ස්වාභාවික ලක්‍ෂණද වීය. ඉතාලි පුනරුදය එහි සංස්කෘතික ජීවනයක්ද වීය. පෙට්රාච්, කාස්ටගිලියන්, හා මැකියාවෙලීගේ කෘතිද මෙහිලා වැදගත් වේ. ගෘහ නිර්මාණ අතර ෆ්ලෝරන්ස්හි ඩුමෝ හා රෝමයේ බැසිලිකා දේවස්ථානය ප්‍රමුඛය.