මධ්‍යතන යුගයේ පැවති විචිත්‍ර මෝස්‌තර වෙනුවට පැරණි ග්‍රීක සම්ප්‍රදායේ ස්‌වාභාවික ශෛලිය යෙදීම වැදගත් අංශයකි. පුනරුදයේ චිත්‍ර ක්‍රමයේ තාත්වික වාදය මිනිසා විසින් ගරු කරන්නට වූ අතර ඇඳීම පිළිබඳ විද්‍යාත්මක නීති රීති එළිය හා සෙවණ සංයෝගය වැනි කරුණු රාශියක් අභිනව චිත්‍ර ශිල්පීන් විසින් උපයෝගි කරගනු ලැබිණි. ලෝක පූජිත චිත්‍ර ශිල්පි මයිකල් ඇන්ජිලෝ මේ පුනරුද යුගයේ සිටියෙකි. "අවසාන නඩු තීණ්‌දුව" ඔහුගේ ශ්‍රේෂ්ඨතම චිත්‍රයක් ලෙස චිත්‍ර ශිල්ප ඉතිහාසය දක්‌වයි.
මයිකල් ඇන්ජිලෝට සමාන කළ හැකි අනෙක් කලාකරුවා වූයේ ලෙනාඩෝ ඩාවින්චිය. "අවසාන භෝජන රාත්‍රිය" හා "මොනාලිසා" ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයන්ය. රෆායල් සහ ක්‍රීෂියන් යන්නවුන් ගෙන්ද චිත්‍ර කලාවට මහත් සෙතක් සැලසුණි.
මධ්‍යතන යුගයේ තිබූ ලතින් හා ආගමික ස්‌වරූපය වෙනුවට ලෞකික ස්‌වභාෂා සාහිත්‍යයක් මෙකල සාහිත්‍ය තුළ බිහිවිය. ස්‌වභාෂාවෙන් ග්‍රන්ථ ලීවීම හේතුවෙන් වීශේෂයෙන්ම ඒ ඒ ජාතීන්ගේ සාහිත්‍යය කෘතීන්හි නවෝදයක් දැකිය හැකිය. පුනර්ජීවන යුගයේ මුල් සමයේ සිටි සාහිත්‍යධරයන් අතර ඩාන්ටේ, පෙට්‌රාක්, වොකෑෂියෝ යන අය ඉතාම වැදගත්වේ.

මධ්‍යතන යුගයේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් වූ "ගොතික් කලා" මේ යුගයේදී හෙළා දකින ලදී. ගොඩනැගිලිවල තිබූ වඩාත් කැටයම් සහිතවූද, ආරුක්‌කු ආදියෙන් යුක්‌තවූද කුළුණු ගණනාවක් නූතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විවේචනයට ලක්‌විය. පුනරුදයේ ආභාෂය ඉතාලියේ සිට ප්‍රංශයටද, එංගලන්තයටද පැතිරී ගියේය. 15 වැනි සියවසේ අග භාගයේ පැතිරෙන්නට වු මේ නව අදහස් 16 වැනි සියවස වන විට දියුණු ලෙස වර්ධනය වී තිබුණි. එංගලන්තයේ සර් තෝමස් මුවර්, බේකන්, ෂේක්‌ස්‌පියර්, ප්‍රංශයේ රැලබලේ යන ගත්කරුවෝද, නෙදර්ලන්තයේ ඉරැක්‌මස්, ඉතාලියේ මැකියාවෙලී ආදීහු මේ යුගය ආලොකමත් කළහ.
ගෘහ නිර්මාණ අතර ෆ්ලෝරන්ස්හි ඩුමෝ හා රෝමයේ බැසිලිකා දේවස්ථානය ප්‍රමුඛය.