ක්‍රිස්‌තියානි ලෝකයෙන් පහළවූයේ දේවධර්මය හා ආගම පිළිබඳව වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් සහ ශ්‍රේෂ්ඨ ආගමික චිත්‍ර කලාවකි. එහෙත් නව චින්තන ක්‍රමය තුළින් ග්‍රීක හා ලතින් භෂින් ද මානුෂික කරුණු පිළිබඳව ලෞකික සාහිත්‍යයක් සහ චිත්‍ර ශිල්පයක් බිහිවිය. ඩාන්ටේ, වොකේෂියෝ, ෂේක්‌ස්‌පියර් වැනි අයගේ කෘතිවලින් මිනිස් ජීවිතයෙහි සුන්දරාත්මක පැත්ත පිළිබඳවත්, එසේම දුර්වල පැත්ත පිළිබඳවත් කරුණු දැක්‌විණි. ලියනාඩෝ ඩාවිංචි, මයිකල් ඈන්ජලෝ, රෆායෙල් සැන්ටි, ටයිෂන්, ඇන්ඩිරියා ඩොසාටෝ වැනි අය සිතුවම් කලාවට අග්‍රගන්‍ය සේවාවක් ඉටුකළහ.