රෝස ගස
 


 

පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට මල
ඔබ ලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවදින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලැසෙයි වැඩ ඔබෙන් මෙ ලෙස

සරනා ගස ඔබ ඇති කළ
විදහා විසි තුරු පත් පෙළ
සනසා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත්තෙන් ම දෙති පැණි ඔබ
ගනිත් මගෙන් නෙත දුක්‌ ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපන් ඔබට
සහෝදර ව උපදින් නට
අහෝ මටත් ඇතොත් දැනට

(c) Shilpa Sayura Foundation 2006-2017