වර්තමාන යුගයේ විශේෂ සිදුවීම් අතර භුගෝල ශාස්‌ත්‍රීය සොයා ගැනීම් වැදගත් ස්‌ථානයක් ගනී. 15 වන සියවස නව ඓතිහාසික යුගයක ආරම්භයක් වේ. අප වාසය කරන මේ ලෝකය පිළිබඳව නැවත කුතුහලයක් ඇති කිරීමට තරම් ඉවහල් වූයේ පුනරුදයේ එක් වැදගත් අංශයක් වූ භුගෝල ශාස්‌ත්‍රිය සොයා ගැනීම්ය. මෙම සොයා ගැනීම් මිනිසා එතෙක් ලොව දෙස හෙලූ බැල්ම පුළුල් කිරීමට සමත් විය.
King Henry of Potugal
ක්‍රිස්‌ටෝපර් කොළොම්බස්, වස්‌කෝද ගාමා, බර්තලමියු ඩයස්, මැගලන් ජෝන් කැබට්, සෙබස්‌ටියන් කැබට් යන්නවුන්ගේ භුගෝල ශාස්‌ත්‍රිය සොයා ගැනීම්, එනම් දේශ ගවේශණයන් නිසා පොදුවේ යුරෝපයටත්, වෙන් වෙන් වශයෙන් නිදහස් මතධාරීව නැගී ආ රටවලුත් ලැබුවේ නව ජීවනයෙකි. 15 වැනි සියවස අවසානය දක්‌වා මිනිසා දුටු ලෝකය යුරෝපයට ආසියාවට හා සමක රේඛාව දක්‌වා දකුණට වැටී ඇති අප්‍රිකාවේ වෙරළට සීමා විය. එහෙත් ඒ සියවස අවසානයේදී අප්‍රිකා මහාද්වීපය සුබ පැතුම් තුඩුව දක්‌වා විහිදෙන බවත්, මුහුදු ගමනකින් ඉන්දියාවට යා හැකි බවත්, යුරෝපයට බටහිරින් බටහිර ඉන්දීය කොදෙව් ඇති බවත්, යුරෝපා, ලෝකයට අනාවරණය විය. වඩාත්ම වැදගත් වූයේ අඳුරු යුගයේ අප්‍රකටව සැඟවී තිබුණු නව ලොවක් දේශ ගවේෂකයින්ගේ ගමන් මාර්ගය නිසා ජනිත වීමයි.
මෙලෙස අඳුරෙහි පැවතුණු යුරෝපයට ආලෝකයක් ලැබිය හැකි වූයේ ගැලිලියෝ වැනි පුද්ගලයින් විසින් ලොව පැතලි වස්‌තුවක් නොව ගෝලාකාර එකක් බව පැහැදිලි කිරීමත්, මාලිමා යන්ත්‍රය, ධ්‍රැවකෝණ මානය වැනි යාත්‍රා කිරීමට පහසුවන උපකරණ ඇතිවූ නිසාත් බව කිව හැකිය.
කොන්ස්‌තන්ති නෝපලය ක්‍රි.ව. 1453 ඔටෝමන් තුර්කීන් අතට පත්වීම මෙම දේශ ගවේශණ ගමන් වඩාත් උද්යෝගිව ඇතිවීමට ඉවහල් විය. මිසරයේ සුල්තාන් විසින් අධික බදු ප්‍රමාණයක් ඇති කළෙන්, විශේෂයෙන්ම පෙරදිගට නව මාර්ග සෙවීමෙහිලා යුරෝපා ජාතීන් පෙළඹ වූ තවත් හේතුවක් විය. මුස්‌ලිමුන්ගේ අධිරාජ්‍ය ප්‍රමාණය කොතෙක්‌ද යන්න දැන ගැනීමද, එමෙන්ම ඔහුට පෙරළා පහරදීමේදී ක්‍රිස්‌තියානි ජනතාවක් සොයාගැනීමටද යුරෝපා ජාතීන්ට අවශ්‍ය විය.
එමෙන්ම "ප්‍රෙස්‌ටර් ජෝන්" නම් ක්‍රිස්‌තු භක්‌තික රජෙකු යටතේ ඉතා ප්‍රබල ධනවත් රාජ්‍යයක් පෙරදිග තිබෙතැයි කටකතාවක් බොහෝ කලක සිටම යුරෝපයේ පැතිර ගොස් තිබුණි. මෙය අමූලික බොරු කතාවක් වුවත් එය සත්‍යයක් සේ එකල මහජනයා පිළිගෙන තිබුණු බැවින් යුරෝපයේ ක්‍රිස්‌තු භක්‌තිකයෝ මේ පෙරදිග ප්‍රබල ක්‍රිස්‌තු භක්‌තික රජු හා එකමුතු වුවහොත්, යුරෝපයට තර්ජනය කරන තුර්කීන්ට පෙර අපර දෙදිගින්ම එක් වරම පහර දී යටපත් කළ හැකි යයි කල්පනා කළහ.

දේශ ගවේශණ ව්‍යාපාරය ආරම්භ කළෝ පෘතුගීසිහු වෙති. අත්ලාන්තික් සාගරය අසබඩ පිහිටි ජාතියක් වීමත් නෞකා ගමනා ගමනය පිළිබඳ ඔවුන් සෑහෙන අවබෝධයක් ලබා තිබීමත්, එවකට පෘතුගාලයේ සිටි නාවික හෙන්රි රජු විසින් පෘතුගීසීන් නාවික හා ආකාශ වස්‌තු පර්යේෂණ වල යොදවා තිබීමත්, පෘතුගීසීන් ප්‍රථම වරට දේශයන් ගවේශණය කිරීමේලා පෙළඹවූ බව කිව හැකිය. නාවික හෙන්රි දේශ ගවේශණ මුදුන්පත් කර ගැනීමෙහිලා ලිස්‌බන් හා කොයිම්බ්‍රා විශ්ව විද්‍යාලයන්හි ගවේශණ ස්‌ථානයන්ද, සේග්‍රස්‌හි පරීක්‌ෂනාගාරයක්‌ද පිහිටුවීය.
හැකි පමණ තොරතුරු සපයා ගත්තේය. වඩා ප්‍රබල නැව් සෑදීය. නවීන යාත්‍රා ක්‍රම හා උපක්‍රම සොයා ගත්තේය. වඩා ප්‍රබල නැව් සැදීය. නවීන යාත්‍රා ක්‍රම හා උපක්‍රම සොයා ගත්තේය. කාලය හා දුර මැණීමටද, ස්‌ථානය හා දිශාව නිර්ණය කිරීමටද, උපකරණ නිපදවීය. පසුව පෙර දිගට මග සෙවීමේ ප්‍රයත්න ඇරඹුවේය. නමුත් ප්‍රතිඵල ආවේ ඉතා සෙමිනි. පෘතුගාලයට මේ අතින් බොහෝ බාධා වලට මුහුණ පෑමට සිදුවිය. ක්‍රි.ව. 1486 දී බර්තොලමියුඩයස් නම් නාවිකයා 'සුබ පැතුමේ තුඩුව' පසු කිරීම මෙම දේශ ගවේෂණ වල මුල් ප්‍රතිඵලය විය. 1498 දී වස්‌කෝද ගාමා ඉන්දියාවට පැමිණීම අනික් වැදගත් දේශ ගවේෂණය විය.
ස්‌පාඤ්ඤයින් විසින් මෙම යුගයේදී ම දේශයන් සොයා මුහුදු ගමන් ගිය බවද පෙනී යන්නකි. 1507 දී පැනමා ප්‍රදේශය හරහා ගමන් කොට ශාන්තිකර සාගරය සොයා ගැනීම 'බැල්බෝවා' විසින් කරන ලදී. 1492 දී කොළොම්බස් විසින් බටහිර ඇමෙරිකානු දූපත් සොයා ගන්නා ලදී. භුගෝල ශාස්‌ත්‍ර සොයා ගැනීම් වලින් පෘතුගාලය නැගෙනහිර දෙසටත් ස්‌පාඤ්ඤය බටහිර දෙසටත් ගවේශණ වල යෙදුණි. භුගෝල ශාස්‌ත්‍ර සොයා ගැනීම් විශේෂ වශයෙන්ම බලපෑ එක් රාජ්‍යයක් වූයේ ස්‌පාඤ්ඤයයි.
මධ්‍යතන යුගයේදී වැඩවසම් ක්‍රමයේ ගැලී සිටි ස්‌පාඤ්ඤය නිදහසේ ඒකාධිපති රාජ්‍යයන් වශයෙන් ඇරගනයේ ෆර්ඩිනන්ට් හා කැස්‌ටීලයේ ඉසබෙලා යන රජ හා රැජින යටතේ 15 වන සියවසේදී නැගී සිටියේය. එම සියවස වන විට නව මුහුදු මාර්ග සෙවීමටත්, යටත් විජිතවල ආධිපත්‍ය ලැබීමටත් ස්‌පාඤ්ඤය උත්සුක විය. පීරු හා චිලී සොයා ගැනීම නිසාද නව ලෝකයෙන් රන් හා රිදී සොයා ගැනීම නිසාද ස්‌පාඤ්ඤ භාණ්‌ඩාගාරය පිරී ඉතිරී ගියේය. 1519 දී මැගලන් ලෝකය වටා යාත්‍රා කිරීමේදී 'පිලිපයින් දූපත්' ඈඳා ගැනීම නිසා ස්‌පාඤ්ඤයේ සමෘද්ධිය තවත් වැඩිවී ගියේය.
භුගෝල ශාස්‌ත්‍රිය සොයා ගැනීම් පසු කලෙක ස්‌පාඤ්ඤය යටත් විජිතයක් වූ පෘතුගාලය කෙරෙහිද බලපෑවේය. පෘතුගීසි නැවියෙක් වූ වස්‌කෝදගාමා ක්‍රි.ව. 1498 දී බලවත් රටක් වු ඉන්දියාවට පැමිණි බව කිව යුතුය. මේ අනුව පෙරදිගට ප්‍රථමයෙන් නව මුහුදු මාර්ගයක් සෙවීමේ කීර්තිය අත් කොට ගත් පෘතුගීසිහු පෙර අපර දෙදිග වෙළඳාමේ නියුක්‌ත වෙමින් ශතවර්ෂ එක හමාරක් පමණ කාලයක් වෙළඳාමෙන් ලාභ ලබා ගත්හ.

දේශ ගවේශණය කෙරෙහි උනන්දු වු තවත් රටක් නම් එංගලන්තයයි. 'අපරදිග දුරාන්තය' යන අපර නාමයෙන් හැඳින්වූ එංගලන්තය මධ්‍යතන යුගයේදී වෙළඳාම හා අධ්‍යාපන කටයුතු අතින් විශේෂ නොදියුණු තත්ත්වයක පැවතියේය. භු විද්‍යාත්මක සොයා ගැනීම් වඩාත් එංගලන්තයද දියුණුව කරා පා නැගුවේය. භුගෝල ශාස්‌ත්‍රිය සොයා ගැනීම් වඩාත් එංගලන්තය කෙරෙහි බලපෑවේ ටියුඩර් වංශික අවසාන රැජින වු 1 එළිසබෙත් සමයේය. @ඩ්‍ර්ක් මැගලන් සමුද්‍ර සන්ධිය පසුකොට පැසිපික් සාගරය තරණය කොට 1577-80 ලෝකය වටා ගමන් කිරීමෙන් එංගලන්තය ලත් කීර්තිය අපමණය. 'කැවන්ඩිෂ්' නැමැත්තා ලෝකය වටා යාත්‍රා කළේය. 1583 දී හම්බ්‍රිගිල්බට් නැමැත්තා නිව්පවුන්ඩ්ලන්තය ජනාවාස කිරීමට උත්සාහ ගත්තේය.