තොටිල්ල හැම සුව පිරී
පැද්දෙයි තාලෙට මිහිරී
අසමින් ගී සුමියුරී
නිදන්නැ පුත රන් කිරී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැළැඳැ ගනියි
උණු වැඩි යැයි හිරුගෙ රැස්
තෙමා නැවැතැ ගෙනෙන ලෙස්
ගියේයැ වැදැ මුහුදු කුස්
පෙනේද ආදර වෙසෙස්
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැළැඳැ ගනියි
සිහිල් වෙතියි සඳ ඉතා
සාවා එහි පැන ගතා
රැසින් අඩක් නො නවතා
සිටීද ඒ හොඳ සතා
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැළැඳැ ගනියි
ගඟද සුළඟ සමගිනී
කතා නොකැරැ පෙර මෙනී
හබල් පහර ඔරුයෙනී
නිසොල්මන්වැ වීදැ ගනි
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැළැඳැ ගනියි
