ජොහැන්නස් කෙපලර් ජර්මනියේ වොටන්බර්ග් ප්‍රාන්තයේදී ක්‍රි.ව. 1571 දී උපත ලැබුවේය. ළමාවියේදී ඔහු නිතර නිතර රෝගාබාධවලට ගොදුරු වීමෙන් ශාරීරික වශයෙන් දුර්වල වුවද, තියුණු මනසකින් යුතුව විසුවේය. ටූබින්ජන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වී අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටි කෙප්ලර්ට නව විද්‍යාත්මක අදහස් වර්ධනය කර ගැනීමෙහිලා කොපර්නිකස්‌ගේ නව සිතුවිලි බොහෝ සේ බලපෑවේය.
පසුව ඔහු ඕස්‌ට්‍රියාවේ ග්‍රාජ් විශ්ව විද්‍යාලයේ නක්‌ෂත්‍ර විද්‍යාව සහ ගණිතය පිළිබඳව කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය කළේය. එහි සේවය කරන අතර එකල යුරෝපයේ ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු වු ගැලිලියෝ ගැලිලි සහ මයික්‍රෝ බ්‍රාහේ සමඟ ලිපි හණුදෙනු කරගත්තේය. මයිකෝගේ මරණයෙන් පසුව කෙප්ලර් බොහොමීයාවේ දෙවන රූ ඩොල්ප් රජු ගේ සේවයට බැඳී රාජකීය දෛවඥයා ලෙසින් කටයුතු කළේය.
රජ පවුලේ කුමර කුමරියන්ගේ ජන්ම පත්‍රය සකස් කිරීම ඔහුගේ ප්‍රධාන කාර්යය විය. මේ අවධිය වන විට සෞර්ය ග්‍රහ මණ්‌ඩලයේ කේන්ද්‍රය සූර්යයා බවත්, පෘථිවිය සිය අක්‌ෂය වටා කරකැවෙමින්, සූර්යයා වටා ගමන් කරන අතර, අනෙක් ග්‍රහ වස්‌තුන්ද සූර්යයා වටා ගමන් කරන බවත් විශ්වාස කෙරිණ. පෘථිවිය මෙන්ම අනිකුත් ග්‍රහ වස්‌තුන්ද වෘත්තාකාර ගමන් මාර්ගයක පරිභ්‍රමණය වන බව එකල පැවති මතය විය. එහෙත් වෘත්තාකාර ගමන් මාර්ගයක නොව ඉලිප්සාකාර ගමන් මාර්ගයක මේ ග්‍රහ වස්‌තුන් ගමන් කරන බව ප්‍රථම වරට ප්‍රකාශ කළේ කෙප්ලර්ය. මේ සොයා ගැනීම විද්‍යා දැනුමේ මහත් පෙරළියකට හේතු විය.