බෝවන රෝග වැඩි වශයෙන් පැතිරෙන්නේ ගං වතුරකින් පසුවය.
 

218. බෝවන රෝග වැඩි වශයෙන් පැතිරෙන්නේ ගං වතුරකින් පසුවය.


රෝග බෝ කරන විෂබීජ ගංවතුර අවස්‌ථාවලදී ජලය ඔස්‌සේ වේගයෙන් පැතිරී යයි. නිවාස, වැසිකිලි, ආදියේ අපද්‍රව්‍ය ජලයට මුසු වී ලිං, පොකුණුවල ජලයට එකතු වේ. එම ජලය පානය කිරීමෙන් පසු විෂබීජ සහිත ආහාර පාන ලබා ගැනීමෙන් පහසුවෙන් ලෙඩ රෝග බෝවේ.


219. උස්‌ කදු මුදුන්වලදී බිත්තර හොඳින් තැම්බෙන්නේ නැත.


උස්‌ කදු මුදුනකදී වායුගොලීය පීඩනය අඩුය. පීඩනය අඩු වන විට තාපාංකයද අඩුය. එනම් මුහුදු මට්‌ටමේදී 100... දී නටන ජලය කදු මුදුනකදී ඊට වඩා අඩු උෂ්ණත්වයකදී නටන්න පටන් ගනී. එම නිසා බිත්තර හොඳින් තැම්බෙන්නේ නතෙ.


220. ස්‌ප්‍රීතු ටිකක්‌ ශරීරයේ තැවරුන විට එම ස්‌ථානයේ ශීතලක්‌ දැනේ.


ස්‌ප්‍රීතු, සුවඳ විලවුන් ආදිය වාෂ්පශීලී ද්‍රව්‍ය වේ. ඒවා ශරීරයේ යම් තැනක තැවරුනු විට ඉක්‌මනින් ම වාෂ්ප වේ. ස්‌ප්‍රීතු වාෂ්ප වන්නේ ශරීරයෙන් තාපය උරා ගෙනය. ස්‌ප්‍රීතු වාෂ්ප වීමට අවශ්‍ය තාපය ශරීරයෙන් ඉවත් වීම නිසා එම ස්‌ථානයේ සිසිලසක්‌ දැනේ.


221. මිරිදියේ පිහිනීමට වඩා කරදියේ පිහිනීම පහසුය.


මිරිදියේ ඝනත්වයට වඩා කරදියේ ඝනත්වය වැඩිය. එම නිසා, මිරිදිය මගින් ඇති කරන උඩුකුරු තෙරපුමක්‌ කරදිය මගින් ඇති කරයි. උඩුකුරු තෙරපුම වැඩිවන විට පිහිනීම පහසු වේ. එම නිසා කරදියේ පිහිනීම වඩා පහසුවේ.


222. කතුරු මුරුංගා, තෝර වැනි ශාක නිසරු පොළවක වුවද සරුවට වැඩේ.


කතුරුමුරුංගා, තෝර වැනි ශාක රනිල කුලයේ ශාක වේ. රනිල ශාකවල මුල ගැටිති තුළ රයිසෝබියම් නැමැති බැක්‌ටීරියා විශේෂයක්‌ ජීවත් වේ. මෙම බැක්‌ටීරියා මගින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් අවශෝෂණය කර නයිට්‍රජන් සංයෝග බවට පත්කර ශාකයට ලබාදෙන නිසා ඕනෑම නිසරු පොළවක වුවද රනිල ශාක සරුවට වැඩේ.

(c) Shilpa Sayura Foundation 2006-2017