සෝඩියම් ජලය තුළ ගබඩා නොකරන නමුත් පොස්‌පරස්‌ ජලය තුළ ගබඩා කරයි.
 

214. යකඩවලින් සාදන ලද මුහුදු යාත්‍රාවල නිතර නිතර තීන්ත ආලේප කිරීම අවශ්‍ය වේ.


මුහුද අවට පරිසරයේ ලවණ බහුලය. ලවණ මල බැඳීමේ සීඝ්‍රතාවය වැඩි කරයි. මුහුදු යාත්‍රාවල තීන්ත ආලේප කරන්නේ යකඩ ලෝහය මල බැඳීමෙන් ආරක්‌ෂා කර ගැනීමටයි. නමුත් සීරුන ස්‌ථානවලින් මල බැඳීම ආරම්භ වන නිසා මුහුදු යාත්‍රා විඛාදනයෙන් ආරක්‌ෂා කර ගැනීම සඳහා නිතර තීන්ත ආලේප කරනු ලැබේ.


215. සෝඩියම් ජලය තුළ ගබඩා නොකරන නමුත් පොස්‌පරස්‌ ජලය තුළ ගබඩා කරයි.


සෝඩියම් ජලය තුළට දැමූ විට ස්‌ඵෝටරයක්‌ සහිතව වේගවත් ප්‍රතික්‍රියාවක්‌ දක්‌වයි. එම නිසා පැරපින් හෝ භුමිතෙල් තුළ ගබඩා කර තබයි. එහෙත් පොස්‌පරස්‌ ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරන නිසා ජලය තුළ ගබඩා කර තබයි.


216. කඩදාසි කැබැල්ලක්‌ පිළිස්‌සූ පසු අළුවල බර කඩදාසි කැබැල්ලේ මුල් බරට වඩා අඩුය.


කඩදාසි කැබැල්ල දහනය වී ඔක්‌සයිඩ් වර්ග සාදයි. එහෙත් මෙම ඔක්‌සයිඩ් වායු වශයෙන් වායුගෝලයට එකතු වේ. මේ නිසා කඩදාසි කැබැල්ලේ මුළු බරට වඩා එය දහනය වීමෙන් පසු ඉතිරි වන අළුවල බර අඩුය.


217. කෙසෙල් මුව කැපූ පිහියක්‌ සබන් වතුරෙන් සේදූ විට ජලය දම්පාට වේ.


කෙසෙල් මුව යුෂ දර්ශකයකි. දර්ශකයක්‌ ආම්ලික මාධ්‍යයකදී එක්‌ වර්ණයක්‌ ද භාෂ්මික මාධ්‍යයකදී තවත් වර්ණයක්‌ ද දක්‌වයි. සබන් වතුර යනු භාෂ්මික මාධ්‍යයකි. එම නිසා කෙසෙල් මුව යුෂ සබන් වතුර හා එක්‌ වු විට දම් පාට වර්ණයක්‌ දක්‌වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017