වවුලා රාත්‍රී කාලයේදී අඳුරේ බාධක මඟහැර පියාසර කරමින් ගොදුරු අල්ලා ගනී.
 

210. පහනක භුමිතෙල්වලට ලුණු ස්‌වල්පයක්‌ එකතු කළ විට පහනේ දීප්තිය වැඩි වේ.


ලුණු යනු සෝඩියම් ක්‌ලෝරයිඩ්ය. එහි සෝඩියම් හා ක්‌ලෝරින් අඩංගු වේ. භුමිතෙල්වලට එකතු වූ ලුණු පහන් වැටිය දිගේ ඉහළට ගමන් කර දැවෙන්නට පටන් ගනී. සෝඩියම් ලෝහය දැවෙන විට දීප්තිමත් කහපාට දැල්ලක්‌ ලැබෙන නිසා පහන් දැල්ලේ දීප්තිය තවත් වැඩි වේ.







211. පොඟවා පැල වීමට තබන ලද වී ගොඩක උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා අධිකය.

බීජ ප්‍රරෝහණය වීමේදී එම වී බීජවල ස්‌වශනය ආරම්භ වේ. ශ්වසනයේදී ඒවා තාප ශක්‌තිය පිට කරයි. මේ නිසා පැලවීගෙන එන වී ගොඩක උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වේ.


212. වැව් බැම්මක පතුළ පලල් ව සාදා ඇති අතර ඉහළට යත්ම පළල ක්‍රමයෙන් අඩුවේ.


වැවක පතුලට යත්ම ද්‍රව පීඩනය වැඩි නිසා වැඩි පීඩනයට ඔරොත්තු දීම සඳහා වැව් බැම්මේ පතුළ පළල්ව සාදා ඇත. ජලාශය මතුපිටට එන විට ද්‍රව පීඩනය ක්‍රමයෙන් අඩුවන නිසා වැව් බැම්මේ පළල ක්‍රමයෙන් අඩු වේ.


213. වවුලා රාත්‍රී කාලයේදී අඳුරේ බාධක මඟහැර පියාසර කරමින් හොදුරු අල්ලා ගනී.


වවුලාගේ මුවින් අතිධවනි තරංග නිකුත් කරයි. මෙම අතිධවනි තරංග ඉදිරියට ගමන් කර බාධකවල වැදී පරාවර්තනය වී ඌ වෙතටම පැමිණේ. එම නිසා බාධක ඇති තැන් හඳුනා ගෙන ඒවා මඟ හරිමින් ඉදිරියට පියාඹා යාමට වවුලාට හැකියාව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017