ශාකයක්‌ අග්‍රස්‌ථ අංකුරය කඩා දැමූ විට, පාර්ශ්වික අංකුර වැඩෙන්නට පටන් ගනී.
 

205. ශාකයක්‌ අග්‍රස්‌ථ අංකුරය කඩා දැමූ විට, පාර්ශ්වික අංකුර වැඩෙන්නට පටන් ගනී.


ශාකයක අග්‍රස්‌ථ අංකුරයේ ඇති හෝමෝනයක්‌ මගින් පාර්ශ්වික අංකුර වැඩීම වළක්‌වයි. නමුත් අග්‍රස්‌ථ අංකුරය කඩා දැමූ විට ඒ සමඟ හෝමෝන නිපදවෙන කොටස ඉවත් වන නිසා පාර්ශ්වික අංකුර වැඩෙන්නට පටන් ගනී. මෙම සංසිද්ධිය අග්‍රස්‌ථ ප්‍රමුඛත්වය යනුවෙන් ද හඳුන්වයි.


206. බොහෝ වේලාවක්‌ එකතැන නිශ්චලව සිටගෙන සිටීම නිසා කෙනෙකුට ක්‌ලාන්තය ඇතිවිය හැකිය.


ශරීරය පුරා රුධිරය සංසරණය සඳහා මාංශපේශිවල ක්‍රියාකාරිත්වය අවශ්‍ය වේ. බොහෝ වේලාවක්‌ එක තැන නිශ්චලව සිටගෙන සිටින විට මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය නොමැති නිසා රුධිරය නැවත හෘදය වෙතට හෝ හිස පෙදෙසට ගමන් කිරීම අඩාල වේ. මේ නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩාල වීමෙන් ක්‌ලාන්තය සෑදීමට ඉඩ ඇත.


207. වායුගෝලයට නිරාවරණය කර තැබූ විට දිය ලුණු තෙත් වේ.


සාමාන්‍ය ලුණු යනු සෝඩියම් ක්‌ලෝරයිඩ්ය. මේවායේ සෝඩියම් ක්‌ලෝරයිඩ් හැරුණු විට කැල්සියම් ක්‌ලෝරයිඩ්, මැග්නීසියම් ක්‌ලෝරයිඩ් වැනි අපද්‍රව්‍ය අඩංගුය. එම අපද්‍රව්‍ය මගින් වාතයේ ඇති ජලය අවශෝෂණය කර ගන්නා නිසා ලුණු දියවන්නට පටන් ගනී.


208. නාදවන බයිසිකල් සීනුවක්‌ අතින් ඇල්ලූවිට ශබ්දය හීන වේ.

යම් වස්‌තුවක හඬ උපදින්නේ එහි පෘෂ්ඨය කම්පනය වීමෙනි. බයිසිකල් සීනුවක හඬ උපදින්නේ එහි පියන කම්පනය සිදු නොවන නිසා ශබ්දය උපදින්නේ නැත.


209. සාමාන්‍යයෙන් උගුරේ ආබාධයක්‌ ඇති වූ විට ලුණු වතුරෙන් උගුර සෝදනු ලැබේ.


උගුරේ ආබාධ ඇති වන්නේ යම් යම් විෂබීජ නාශකයකි. එම නිසා ලුණු වතුරෙන් උගුර සේදීමෙන් එම විෂබීජ විනාශ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017