රෝස ගසින් මල් අවලා
තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා
දැස කුමට මෙය නොබලා
ලොල් වඩමු මල් කඩමු
වැල් ගොතමු ගෙලේ ලමු
මාගේ නංගිගෙ කම්මුල
වාගේ රුව ඇති මේ මල
ඇගෙ මෙන් සිඹිනෙමි මල
කාගේ සිත නොකෙරෙද ලොල
මෙන්න මේ හොර මී මැස්සා
පැන්නේ මලට ලෙස ලිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා
යන්නට දෙමු මල ගස්සා
