සිනමා ශාලාවල බිත්ති මැද වාත කුහරයක්‌ සිටින සේ ද්විබිත්ති ලෙස සාදනු ලැබේ.
 

203. කෙසෙල් පැලයක්‌ සිටුවීමේදී එහි කොළ කපා දමා සිටුවනු ලැබේ.


දිවා කාලයේදී ශාක පත්‍රවලින් උත්ස්‌වේදනය මගින් ජලය පිටවේ. කෙසෙල් පැලයක්‌ සිටුවීමේදී එහි මූලකේෂ වැඩෙන තෙක්‌ ජලය පිටවී යාම වැළැක්‌වීම සඳහා කොළ කපා දමනු ලැබේ. තවද කොළ කපා දැමීමෙන් සුළගෙන් ගස පෙරළීම ද වැළකේ.


 

 

 

 

 

 

 

203. සිනමා ශාලාවල බිත්ති මැද වාත කුහරයක්‌ සිටින සේ ද්විබිත්ති ලෙස සාදනු ලැබේ.

සිනමා ශාලාවක ඇතුලත ශබ්ද ඉක්‌මණින් පිටවීමටත්, පිටත ශබ්ද ඇතුලතට ඒම වැළැක්‌වීමටත් පහසු වන සේ මෙම උපහ්‍රමය යොදා ඇත. ශාලාව තුළ ශබ්ද පරාවර්ථනය චිත්‍රපට නරඹන්නන්ට බාධාවක්‌ වන නිසා මෙලෙස ද්විබිත්ති ආකාරයට තනා ඇත.


204. ශබ්දය කා වැද්දූ කැසට්‌ පටි ප්‍රබල චුම්භක අසල ගබඩා කිරීම සුදුසු නොවේ.



කැසට්‌ පටයක ශබ්දය පටිගත කිරීමේදී සිදුවන්නේ අයන් ඔක්‌සයිඩ් අංශු කිසියම් රටාවකට අනුව තැන්පත් කිරීමයි. එම කැසට්‌ පට ප්‍රබල චුම්බක අසල තැබූ විට ඉහත අංශුවල රටාව වෙනස්‌ වීම නිසා ශ්‍රවණය කළ නොහැකි තත්වයකට පත් විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017