ප්‍රත්‍යාවර්ත ධාරාවක්‌ සෘජුකරණය සඳහා අර්ථසන්නායක දියෝඩයක්‌ භාවිතා කළ හැකිය.
 

199. දොඩම් යුෂ වීදුරුවක්‌ පිළියෙළ කිරීමේ දී සීනි දැමීමට පෙර වීදුරුවේ අඩියේ තිබූ සමහර දොඩම් ඇට සීනි දියවීමෙන් පසු පාවෙන්නට පටන් ගනී.



 







දොඩම් ඇටවල පාවීම ද්‍රාවණයේ ඝනත්වය මත රඳා පවතී. සීනි දියවීම නිසා ද්‍රාවණයේ ඝනත්වය වැඩිවේ. එවිට දොඩම් ඇට මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වැඩි නිසා ඒවා උඩ පාවෙන්නට පටන් ගනී.

200. ප්‍රත්‍යාවර්ත ධාරාවක්‌ සෘජුකරණය සඳහා අර්ථසන්නායක දියෝඩයක්‌ භාවිතා කළ හැකිය.


ප්‍රථ්‍යාවර්ත ධාරාවක්‌ යනු දිශා මාරු වෙමින් ගමන් කරන ධාරාවකි. දියෝඩයක්‌ විද්‍යුත් කපාටයක්‌ ලෙස ක්‍රියා කරන අතර විද්‍යුත් ධාරාව ආපසු ගැලීම වළක්‌වා එක්‌ දිශාවකට පමණක්‌ ගැලීමට සලස්‌වයි. එම නිසා ප්‍රථ්‍යාවර්ත ධාරාවක්‌ සෘජුකරණය සඳහා අර්ධ සන්නායක දියෝඩ සුදුසුය.


201. පරිසරය අධික ලෙස සීතල වූ විට හමේ රෝම කෙළින් වේ.


පරිසරය අධික ලෙස සීතල වූ විට ශරීරයෙන් තාපය පිටවීමට පටන් ගනී. එවැනි අවස්‌ථාවක දේහ උෂ්ණත්වය ආරක්‌ෂා කර ගැනීම සඳහා සමේ රෝම කෙළින් වේ. එවිට රෝම අතර වාත ස්‌ථරයක්‌ තැන්පත් වේ. වාතය දුර්වල තාප සන්නායකයක්‌ බැවින් එමගින් දේහයෙන් තාපය පිටවී යාම වළක්‌වයි.


202. ඉටි පන්දම් දැල්ලක්‌ සුළඟෙන් ආරක්‌ෂා කර ගැනීමට සිතු ශිෂ්‍යයෙක්‌ යටිකුරු කරන ලද භාජනයකින් මුළු ඉටිපන්දමම ප්‍රවේශමෙන් වැසුවේය. එහෙත් එවිට ද දැල්ල නිවුනි.


දහනය සඳහා ඔක්‌සිජන් වායුව අවශ්‍ය වේ. ඉටිපන්දම භාජනයකින් වැසූ විට ඒ තුළ ඇති ඔක්‌සිජන් ප්‍රමාණය සීමිත වේ. එම නිසා වායුව අවසන් වීමෙන් ටික වේලාවක්‌ ඉටි පන්දම නිවී යයි.


 

(c) Shilpa Sayura Foundation 2006-2017