195. සරල කෝෂයකින් බොහෝ විට ධාරාවක් ලබා ගත හැක්‌කේ සීමිත කාලයක් තුළ පමණී.
සරල කෝෂයකින් විදුලිය නිපදවන්නේ එහි ඉලෙක්‌ට්‍රෝඩ හා රසායනික ද්‍රව්‍ය අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. ටික වේලාවක් ගතවන විට ධ්‍රැවණය සහ ස්‌ථානීය ක්‍රියාව මගින් මෙම රසායනික ප්‍රතික්‍රියාවට බාධා පමුණුවන බැවින් සරල කෝෂයකින් විදුලිය ලබා ගත හැක්‌කේ කෙටි කාලයක් තුළ පමණී.
196. පලතුරු නරක් නොවී කල්තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක බහා තබනු ලැබේ.
පලතුරු නරක් වන්නේ ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසාය. සාන්ද්‍ර මාධ්‍ය තුළ ක්‌ෂුද්‍රජීවීන්ට ජීවත් විය නොහැකිය. සීනි ද්‍රාවණයද සාන්ද්‍ර මාධ්‍යයකි. එම නිසා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක බහා පලතුරු කල්තබා ගත හැකිය.
ශාක වර්ධනය සඳහා පාංශු වාතය, පාංශු ජලය හා හියුමස් සහිත පසක් අවශ්‍ය වේ. මැටි පසේ පාංශු වාතයද වැලි පසේ පාංශු ජලයද ප්‍රශස්‌ත මට්‌ටමක නැත. එහෙත් ලොම් පසෙහි සියළු සංඝටක නිසි ප්‍රමාණයට තිබෙන නිසා වගා කටයුතු සඳහා ලොම් පස යෝග්‍ය වේ.
198. ඝන ඇමෝනියම් ක්‌ලෝරයිඩ් වැනි ඇතැම් ලවණ ජලයේ දිය කරන විට භාජනය සිසිල් වේ.
රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීමේදී තාපදායක ප්‍රතික්‍රියා මෙන්ම තාපාවශෝෂක ප්‍රතික්‍රියා සිදුවේ. ඇමෝනියම් ක්‌ලෝරයිඩ් හා ජලය අතර ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි. එනම් ප්‍රතික්‍රියාව සිදුවන විට පරිසරයෙන් තාපය උරා ගනී. මේ නිසා භාජනය සිසිල් වේ.