හා හ හරි හාවා
කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලැවා
කොළ දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොලකට ලෙව කෑවා
ඉතින් ඇතැයි කීවා
තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කීවා
නැටුම් ටිකක් පෑවා
එයින් වෙහෙස වූවා
ඉඳගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා
ඇඟ පත සැතපූවා
බිරුම් හඬක් ආවා
ඉහළ විසි වූවා
කොඳු ඇට හිටැවූවා
කන් දෙක දිග පෑවා
