තද අව්වේ සිටි අයෙකු කාමරයක්‌ තුළට පැමිණි විගස ටික වේලාවක්‌ යනතුරු හොඳින් ඇස්‌ නොපෙනේ.
 

190. සහල්වල කලවම් වී ඇති ගල් හා වැලි ගැරීමෙන් ඉවත් කළ හැකිය.


ගල් හා වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා ජලය දැමූවිට ඝනත්වයෙන් වැඩි ගල් හා වැලි භාජනය පතුළට බසී. එවිට සහල්වලින් පහසුවෙන් ගල් හා වැලි ඉවත් කළ හැකිය.


191. තද අව්වේ සිටි අයෙකු කාමරයක්‌ තුළට පැමිණි විගස ටික වේලාවක්‌ යනතුරු හොඳින් ඇස්‌ නොපෙනේ.


ඇසට ඇතුළුවන ආලෝකය පාලනය කරන්නේ කර්ණිකාව මඟිනි. තද අව්වේදී ඇසට ඇතුළුවන ආලෝකය පාලනය කිරීමට කර්ණිකාව කුඩා වේ. නැවත කළුවර ස්‌ථානයකට පැමිණිවිට එය යථා තත්ත්වයට පත්වීමට මඳ වේලාවක්‌ ගත වන නිසා හොඳින් ඇස්‌ නොපෙනේ.


192. "ඒඩ්ස්‌" රෝගියෙකු සෙම්ප්‍රතිශ්‍යාවෙන් වුවද මිය යා හැකිය.



ඒඩ්ස්‌ රෝගය වැළඳුණු විට සිරුරේ ප්‍රතිශක්‌ති පද්ධතිය විනාශ වේ. පුද්ගලයන් ආසාදනවලින් වැළකී සිටින්නේ මෙම ප්‍රතිශක්‌ති පද්ධතිය නිසාය. එය විනාශ වූ පසු සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු ආසාදනයක්‌ වුවද අසාධ්‍ය තත්ත්වයකට පත් වී මරණය සිදුවිය හැකිය.

193. ආහාර දාමයක තිබිය හැකි පුරුක්‌ සංඛ්‍යාව සීමිතය.


ජෛවගෝලයට ශක්‌තිය ලබා ගන්නේ නිෂ්පාදකයන් මගිනි. ආහාර දාමයක එක්‌ පෝෂී මට්‌ටමක සිට තවත් පෝෂී මට්‌ටමකට ශක්‌තිය සම්ප්‍රේශනය වන විට විශාල ප්‍රමාණයක්‌ අපතේ යයි. එම නිසා වැඩි පුරුක්‌ සංඛ්‍යාවකට සැපයීමට මුල් ශක්‌තිය ඉතිරි වන්නේ නැත. එබැවින් පුරුක්‌ සංඛ්‍යාව සීමිත වේ.


194. කල්ගත වූ සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.


සෝඩාවල අඩංගු වන්නේ සෝඩියම් බයිකාබනේට්‌ය. (NaHCo2) පිටි තුළදී සෝඩියම් බයි කාබනේට්‌ වියෝජනය වී පිට වන කාබන්ඩයොක්‌සයිඩ් වායුව නිසා පිටි පිපේ. එහෙත් කල්ගත වන විට සෝඩියම් බයි කාබනේට්‌ වියෝජනය වී කාබන්ඩයොක්‌සයිඩ් පිට වී ඇති නිසා එම සෝඩා යෙදීමෙන් පිටි පිපෙන්නේ නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017