විශාල අවතල පරාවර්ථක පාවිච්චි කොට සූර්ය යඳුන් සාදා ගත හැකිය.
 

185. විශාල අවතල පරාවර්ථක පාවිච්චි කොට සූර්ය යඳුන් සාදා ගත හැකිය.


අවතල පරාවර්ථක පෘෂ්ඨ මගින් විසිරී යන ආලෝක කිරණ එක්‌ ස්‌ථානයකට නාභිගත කළ හැකිය. විශාල අවතල පරාවර්තක පෘෂ්ඨ මගින් වැඩි කිරණ ප්‍රමාණයක්‌ නාභිගත කළ හැකි නිසා සූර්ය උඳුන් තැනීමට අවතල පරාවර්ථක පෘෂ්ඨ යොදා ගනී.


186. වගා බිමකට පොහොර දැමීම අවශ්‍ය වන අතර වනාන්තරයකට පොහොර දැමීම අවශ්‍ය නොවේ.


වනාන්තරයක කොළ, අතුරිකිලි වැනි ශාක කොටස්‌ දිරාපත් වී නැවත පසටම එකතු වන බැවින් පොහොර යෙදීමට අවශ්‍ය නොවේ. එහෙත් වගා බිමක අස්‌වැන්න නෙලාගෙන ඉවතට ගෙන යන නිසා පසට උඩින් ඇති කොටසට වඩා පස්‌ යට වළලා ඇති කොටස ලවණ හා ගැටෙන නිසා මල බැඳීම වේගවත් කරයි.


187. p-n සන්ධිය හරහා විද්‍යුත් ධාරාවක්‌ ගැලිය හැකි වන්නේ එක්‌ දිශාවකට පමණී.


p-n සන්ධියක ඇති කුහර හා මුක්‌ත ඉලෙක්‌ට්‍රෝන නිසා විභව බාධකයක්‌ හට ගනී. කෝෂයක+අග්‍රය P අර්ධ සන්නායක පැත්තට ද - අග්‍රය n අර්ධ සන්නායක පැත්තටද සම්බන්ධ කළ විට විභව බාධකය මැඬ ගෙන ධාරාව ඉදිරියට ගමන් කරයි. කෝෂ ප්‍රතිවිරුද්ධ අතට සම්බන්ධ කළවිට විභව බාධකය වැඩිවීම නිසා ධාරාව ගලන්නේ නැත. මේ නිසා p-n සන්ධිය හරහා ධාරාව ගලන්නේ එක්‌ දිශාවකට පමණී.


188. තත්කාලි විකුණන වෙළෙන්ඳෝ බොහෝ විට තත්කාලි ගොඩට ඉහලින් රතුපාටට හුරු පොලිතීන්වලින් සෑදූ වහලයක්‌ ඉදි කරති.


සුදු ආලෝකය වර්ණ 07කින් යුක්‌තය. රතු පොලිතින් තුළින් නිර්ගත වන්නේ රතු ආලෝකය පමණී. අනෙක්‌ වර්ණ එයට අවශෝෂණය වේ. මේ නිසා ඉඳුණු තත්කාලිවල රතු වර්ණය වැඩියෙන් පෙනේ.


189. හුනු බදාමය කල් යෑමේදී ශක්‌තිමත් වේ.


හුණු බදාම යනු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ය.(Ca(OH2) එය වාතයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් වායුව සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබනේට්‌ (CaCo3) සාදයි. පසුව ජලය වාෂ්ප වී ඝන කැල්සියම් කාබනේට්‌ ඉතිරි වේ. එය ශක්‌තිමත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017