180. පළිබෝධ මර්දනයේදී පළිබෝධයන් සම්පූර්ණයෙන් විනාශ කිරීම පරිසරයට හිතකර නොවේ.
වගාවට අහිතකර ජීවීන් මෙන්ම හිතකර ජීවීන්ද පලිබෝධ මර්ධනයේදී විනාශ වේ. පරාගනය කරන කෘමීන්, ඓන්ද්‍රිය ද්‍රව්‍ය දිරාපත් කර පස සාරවත් කරන ජීවීන් හිතකර ජීවීන් ය. පළිබෝධ මර්ධනයේදී එම සියළුම ජීවීන් විනාශ වීම නිසා පරිසර තුල්‍යතාවය බිඳ වැටේ.
181. විකිණීමට ඇති ඉඳිකටු ඇලුමීනියම් පත්‍රවල ඔතා තිබේ.
ඉඳි කටු තනනු ලබන්නේ වානේ නැමැති මිශ්‍ර ලෝහයෙනි. ඇළුමීනියම් ලෝහය යකඩවලට වඩා සක්‍රීය ලෝහයක් බැවින් සක්‍රියතා ශ්‍රේණියේ යකඩවලට වඩා ඉහළින් පිහිටයි. එම නිසා ඉඳිකටු ඇළුමීනියම් පත්‍රවල එතීමෙන් එයට කැතෝඩීය ආරක්‌ෂාව සැලසෙන බැවින් මල නොබැඳේ.
182. විද්‍යුත් උපකරණවල ලෝහ කවරයක් ඇතිවිට එයට බිම කම්බියක් සවිකර තිබේ.
ලෝහ හොඳින් විද්‍යුත් සන්නායක වේ. එම නිසා විදුලිය කාන්දුවීමකදී ලෝහ කවරය හරහා විදුලි සැර වැදිය හැක. ලෝහ කවරය බිම ගැන්වීමෙන් වැඩි ආරෝපණ භුගත වන නිසා අනතුරක් සිදු නොවේ.
183. මිනිසාට නොඇසෙන සමහර ශබ්ද බල්ලාට ඇසේ.
184. යකඩ කම්බියක පස් යට වළලා ඇති කොටස් පසට උඩින් ඇති කොටස්‌වලට වඩා පහසුවෙන් මලකෑමට ලක් වේ.
පසෙහි විවිධ ලවණ වර්ග ඇත. ලවණ මල බැඳීම වේගවත් කරයි. එම නිසා පසට උඩින් ඇති කොටසට වඩා පස් යට වළලා ඇති කොටස ලවණ හා ගැටෙන නිසා මල බැඳීම වේගවත් කරයි..