ශ්‍රී ලංකාව වටේටම මුහුද ඇතත් ලුණු නිෂ්පාදනය කරනු ලබන්නේ සීමිත ස්‌ථාන කීපයක පමණී.
 

176. ස්‌වභාවික පරිසරයක පවතින සත්ව ගහණයක සිටින සාමාජික සංඛ්‍යාව බොහෝ දුරට නියත අගයක්‌ පැවතුනත් මිනිස්‌ ගහණය අවුරුදු පතා වැඩිවේ.


ස්‌වභාවික සත්ව ගහණයක උපන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඉබේම තලනය වේ. එහෙත් වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සෞඛ්‍ය පහසුකම් වැඩිවීමෙන් මිනිස්‌ ගහණයක උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව අඩු වී ඇත. එබැවින් මිනිස්‌ ගහණය අවුරුදු පතා වැඩිවෙමින් පවතී.


177. ශ්‍රී ලංකාව වටේටම මුහුද ඇතත් ලුණු නිෂ්පාදනය කරනු ලබන්නේ සීමිත ස්‌ථාන කීපයක පමණී.


ලුනු ලේවායක්‌ ඉඳි කිරීමට තැනිතලා බිමක්‌, අධික සූර්යතාපය, මැටි පසක්‌, වසර පුරා අඩු වර්ෂාපතනයක්‌ ඇති වියළි ප්‍රදේශයක්‌, මුහුදු ජලය පහසුවෙන් ලබාගැනීමේ හැකියාව වැනි සාධක තිබිය යුතුය. එම පහසුකම් පවතින්නේ ලංකාවේ සීමිත ස්‌ථාන කීපයක පමණක්‌ බැවින් සෑම තැනකම ලුණු නිෂ්පාදනය කළ නොහැකිය.


178. අලියෙකුට නොඑරී ගමන් කළ හැකි වගුරු බිමක ඌට වඩා බෙහෙවින් බරින් අඩු හරකෙකුට නොඑරී ගමන් කළ නොහැකිය.


අලියෙකුගේ පාදය පොළොව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි නිසා පොළොව මත ඇති කරන පීඩනය අඩුය. එම නිසා අලියෙකුට වගුරු බිමක නොඑරී ගමන් කළ හැකිය. නමුත හරකෙකුගේ පාදය පොළව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය අඩු නිසා ඇති වන පීඩනය අලියාගේ පතුල් මගින් ඇති කරන පීඩනයට වඩා වැඩිය. එබැවින් පීඩනය වැඩි වන විට වගුරු බිමක එරෙන ප්‍රමාණය ද වැඩිය.




179. තාප්පයක්‌ බැඳීමේදී භාවිතා කරන ලඹයේ නූල සෑම විටම සිරස්‌ ව පිහිටයි.


ලඹය එල්ලා ඇති තන්තුවේ ආනතියත් එහි ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්‌ ව පහලට ක්‍රියා කරන බර යන බලයක්‌ සමතුලිත වීමෙන් ලඹය සමතුලිතව පවතී. බර යන බලයේ ක්‍රියා රේඛාව සෑම විටම වැටී තිබෙන්නේ සිරස්‌ ව පහලටයි. එමෙන් ම තන්තුවේ ආනතිය බරට ප්‍රතිවිරුද්ධ ව සිරස්‌ ව ඉහලට ක්‍රියා කිරීමත් නිසා ලඹයේ නූල සෑම විටම සිරස්‌ ව පිහිටයි.

(c) Shilpa Sayura Foundation 2006-2017