172. ශීතකරණයක තැබූ ජලය පිරවූ බෝතලයක් ඉන් පිටතට ගෙන තැබූ විට බෝතලයේ පිටත පෘෂ්ඨය මත ජල බින්දු සෑදේ.
ශීතකරණයක තැබූ බෝතලයක් පිටතට ගත්විට බෝතලයේ ඇති සිසිල නිසා ඒ අවට වාතයද සිසිල් වීමට පටන් ගනී. එවිට වාතයේ ඇති ජල වාෂ්පද සිසිල් වී ජල බිංදු වශයෙන් බෝතලයේ පිටත තැන්පත් වේ.
173. කිසියම් තැනැත්තෙකු වැඩි වෙලාවක් කුසගින්නේ සිටිවිට බඩ දැවිල්ලක් ඇතිවේ.
ආහාර ලබා ගත්විට ඒවා ජීර්ණය සඳහා ආමාශයට තනුක ....අම්ලය ස්රාවය වේ. ආහාර ගත්විට ඒ සමඟ කලවම් වන නිසා අම්ලයෙන් හානියක් ඇති නොවේ. එහෙත් කුසගින්නේ සිටියදී දිගින් දිගටම ..... අම්ලය ස්රාවය වීම නිසා එහි තනුක බව නැතිවී ආමාශ බිස්තියට හානි පමුණුවයි. බඩ දැවිල්ලක් ඇතිවන්නේ එම නිසාය.
174. නටන ජලයෙන් ඇතිවන පිළිස්සීමට වඩා හුමාලයෙන් ඇතිවන පිළිස්සීම වැඩිය.
නටන ජලයේ උෂ්ණත්වයට වඩා හුමාලයේ උෂ්ණත්වය වැඩිය. ඊට හේතුව හුමාලයේ ගුප්ත තාපයද අන්තර්ගත වීමයි. එම නිසා නටන ජලයට වඩා හුමාලයේ වැඩි තාප ප්‍රමාණයක් අඩංගු වන නිසා හුමාලයෙන් ඇති වන පිළිස්සීම තදබලය.
175. ආහාර පිසීමේදී භාවිතා කරන හැඳිවල මිට බොහෝ විට ලීයෙන් තනා ඇත.
ආහාර පිසීමේදී භාවිතා කරන හැඳි ඉක්මනින් රත්වේ. එවිට ඒවා අතින් ඇල්ලීමට අපහසුය. හැඳිවල මිට ලීවලින් තනනු ලබන්නේ ලී තාප පරිචාරක ද්‍රව්‍යයක් වන නිසාය. ඒ නිසා පහසුවෙන් ඒවා පරිහරණය කළ හැකිය.