පාන් කැබැල්ලක්‌ කටේ තබා ගෙන බොහෝ වේලාවක්‌ විකන විට පැණි රසයක්‌ දැනේ.
 

169. ලිප මත ඇති තෙල් තාච්චියක්‌ අධික ලෙස රත්වීම නිසා තෙල්වලට ගිනි ඇවිලුනුවිට, තාච්චිය පියනකින් වසනු ලැබේ.


ඇවිලුනු තෙල් තාච්චියකට ගිනි ඇවිලුනු අවස්‌ථාවක පියනකින් වැසූ විට ගින්න ඇවිලීමට ඔක්‌සිජන් වායුව ලැබීම අවහිර වේ. මේ නිසා දහන පෝෂක වායුව නොලැබීමෙන් ගින්න නිවේ.


170. ගෙවල් සාදන ස්‌ථානවල මුක්‌කු ගැසීමට යොදා ගන්නා උණ බම්බු කෙළින්ම පොළොව මත නොසිටුවා පැතලි ලෑලි මත සිටවනු ලැබේ.


උණ බම්බු කෙළින්ම පොළොව මත සිට වු විට එය පොළව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය අඩුය. එම නිසා ඒ මත යෙදෙන පීඩනය වැඩිවීම නිසා පොළවට එරී යයි. පැතලි ලෑල්ලක්‌ මත සිටුවූ විට ලෑල්ල පොළොව හා ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිය. එබැවින් පීඩනය අඩු වී පොළවට එරීයාම වැළකේ.


171. පාන් කැබැල්ලක්‌ කටේ තබා ගෙන බොහෝ වේලාවක්‌ විකන විට පැණි රසයක්‌ දැනේ.


පාන්වල පිෂ්ටය අඩංගුව. එය බොහෝ වේලාවක්‌ මුඛයේ තබා ගෙන සපමින් සිටින විට ඛේටයේ අඩංගු ටයලීන් නැමැති එන්සයිමය සමඟ ප්‍රතික්‍රියා වී පිෂ්ඨය මෝල්ටෝස්‌ බවට හරවයි. එම මෝල්ටෝස්‌ නැමැති සීනි වර්ගය නිසා පැණි රසයක්‌ දැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017