නිදන කාමරවලට අලංකාරය සඳහා තබා ඇති හරිත ශාක රාත්‍රී කාලයට ඉවත් කරනු ලැබේ.
 

161. වනාන්තරයක සිටින මුවන් රැක ගැනීමට එහි සිටින සිංහයන්, කොටින් ආදී විලෝපිතයන් විනාශ කළ හොත් අවසානයේදී එහි මුව ගණයද විනාශ වේ.



වනාන්තරයක සිටින සිංහයන්, කොටියන් ආදී සතුන් විලෝපිතයන් නිසා මුවන් එම සතුන්ට ගොදුරුවේ. එම නිසා මුව ගහණය පාලනය වේ. නමුත් විලෝපිත සතුන් විනාශ කළ විට මුව ග්‍රහණය සීග්‍රයෙන් වැඩි වේ. එවිට මුවන් අතර ආහාර, ඉඩකඩ පිළිබඳව තරඟයක්‌ ඇති වේ. වසංගත රෝග සීග්‍රයෙන් බෝවේ. එම නිසා මුව ගහණය විනාශ වේ.

162. පියන විවෘතව රත් කරන කේතලයට වඩා ඉක්‌මනින් පියන වසා රත්කරන කේතලයක ජලය නටයි.


පියන විවෘතව රත් කරන විට ජලය වාෂ්පීකරණය වේ. එම ජල වාෂ්ප සමඟ තාපය පිටවන නිසා ජලය නැටවීමට අවශ්‍ය උෂ්ණත්වයට පත්වීමට වැඩි වේලාවක්‌ ගතවේ. එහෙත් පියන වසා තැබූ විට තාපය පිටවී යාම අඩු නිසා ඉක්‌මනින් ජලය වටයි.









163. දර කොටයක්‌ දැවෙනවාට වඩා පහසුවෙන් එම කොටය කැබලිවලට කපා ගත් විට දැවේ.

දර කොටයක්‌ වාතය සමඟ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලයට වඩා එම කොටස දර කැබලිවලට කපා ගත් විට වාතය සමඟ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිවේ. එම නිසා කුඩා දර කැබලි වඩා ඉක්‌මනින් ඇවිලෙන්නට පටන් ගනී.



164. නිදන කාමරවලට අලංකාරය සඳහා තබා ඇති හරිත ශාක රාත්‍රී කාලයට ඉවත් කරනු ලැබේ.

රාත්‍රී කාලයේදී හරිත ශාකවල ස්‌වසන ක්‍රියාව පමණක්‌ සිදුවේ. ඒ සඳහා ඔක්‌සිජන් වායුව ලබා ගෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව පිට කරයි. එම නිසා කාමරය තුළ ඔක්‌සිජන් ප්‍රමාණය අඩුවී කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩිවේ. මෙම තත්ත්වය කාමරය තුළ සිටින පුද්ගලයන්ට අහිතකර නිසා හරිත ශාක රාත්‍රී කාලයට ඉවත් කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017