හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් ගබඩා කර තබන්නේ දුඹුරු පැහැති බෝතල් තුළයි.
 

153. ගෝනියක්‌ තුළ බහා කට ගැට ගසා තැබීමෙන් කෙසෙල් කැනක්‌ වඩා ඉක්‌මනින් ඉඳවා ගත හැකිය.


කෙසෙල් කැනක්‌ ඉදෙන්නේ කෙසෙල්වල සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක්‌ නිසාය. කෙසෙල් කැන ගෝනියක්‌ තුළ බහා තැබූවිට ඒ තුළ ඇති උෂ්ණත්වය නිසා රසායනික ප්‍රතික්‍රියා වේගවත් වී කෙසෙල් ඉක්‌මනින් ඉදේ.


154. රබර්, තේ වැනි දීර්ඝකාලීන වගාවල පස සරු කිරීම සඳහා කුඩු කරගත් ඇපටයිට්‌ යොදන නමුත් වී, මිරිස්‌ වැනි කෙටිකාලීන වගා සඳහා එය භාවිතා නොකෙරේ.

ඇපටයිට්‌ පොහොර පසට උරා ගැනීමට දිගු කාලයක්‌ ගත වේ. මේ නිසා කෙටි කාලයකින් අස්‌වනු ලබා ගන්නා වී මිරිස්‌ වැනි වගාවන් සඳහා එය සුදුසු නොවේ. තේ, රබර් වැනි බෝග දිගුකාලීන වගාවන් නිසා ඒ සඳහා සුදුසුය.

155.
හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් ගබඩා කර තබන්නේ දුඹුරු පැහැති බෝතල් තුළයි.

හිරුඑළිය වැටුන විට හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් වියෝජනය වී ඔක්‌සිජන් හා ජලය බවට වෙන් වේ. එම නිසා ආලෝකය නොවැටෙන පරිදි ඒවා දුඹුරු පැහැති බෝතල් තුළ අසුරා තබනු ලබයි.

156. දැඩි සූර්ය රශ්මිය සහිත දිනවල දහවල් කාලයේ හදිසියේ වර්ෂාවක්‌ ඇති වූ විට තාර යෙදූ මාර්ගවලින් දුමක්‌ ලෙසට යමක්‌ පිටවනු දැකිය හැකිය.


දහවල් කාලයේදී තාර පාර හොඳින් රත්වී ඇත. වැසි ජලය ඒ මතට වැටුන විට පාර රත් වී ඇති නිසා ජලය වාෂ්ප වීමට පටන් ගනී. එම ඉහළ නඟින ජලවාෂ්ප ඝනීභවනය වන විට දුමක්‌ ලෙස පිටවනු දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017