හරි වැරදි පෙන්නා
වැරදි අහකට පන්නා
මට වැඩ සදන්නා
එක ම දෙවියා ගුරු ය ඉන්නා
මා වරදක් කළා
ය යි වැටහුණොත් එකලා
කරුණාවෙන් බ ලා
හික්මවයි අවවාද කර ලා
නියම වෙලාව ට
දෙන ඒ අවවාදය ට
නො නැමී සිටින්න ට
බැරීය කොයි යම් ගෝලයෙකු හ ට
කියා දුන් හැටිය ට
පොතේ පාඩම දෙන කො ට
එතුමගේ සතු ට
පෙනේ මූණේ සිනාවෙන් ම ට
ගුරුතුම කියා දෙ න
හොඳ දේ හොදින් පිළිගෙ න
පිළිපදිමි හැම දි න
එයින් වැඩ සිදුවේ ය අපම ණ
වේ වැලින් තැළුව ත්
බංකු උඩ ඉන්දෙව්ව ත්
වෙන මොනවා කළ ත්
නො රිදවමි ගුරුතුමාගේ හි ත්
කීකරු ව ඉඳ ලා
කියන වැඩපල කර ලා
උගනිමි සිප් ක ලා
මගේ ගුරුගේ දෙපා වැඳ ලා
