හුරතල් පොඩි හා පැට වා
අරගෙන උකුලේ ඉඳු වා
කිරි වතුරින් නාවා ලා
හඳ හාමි මේ එන වා
උඹ වට කර අත් වැල් බැඳ
ඉන්නා වූ මේ තරු ක ඳ
හඳ හාමිගෙ දරු පැටව් ද ?
උන් මොකට ද මාව මදි ද ?
මොහොතක් නෑ නවතින්නේ
රැ තිස්සේ ම ඇවිදින්නේ
පයක් නැතුව ඇවිදින හැටි!
මට නම් නෑ තේරෙන්නේ
එක වරකට නො පෙනෙන්නේ
කොතනද උඹ හැංගෙන්නේ
ඔය හුරතල් හා පැටියා
ඹට මොකට ද ? මට දෙන්නේ
එළි වෙන්නට පළමු සැරෙන්
පැන යන්නේඅපට හොරෙන්
ඉරු දෙවිඳුට බයෙන් නේ ද ?
හඳ හාමි වරෙන් වරෙන්
