Raphael Sanzio
ඉතාලියේ පුනරුද යුගයට අයත් අනෙක් වැදගත් කලාකරුවා වූයේ 'රපායෙල් සැන්ටි' ය. 1483දී 'ඌර්බිනෝ' නුවරදී උපත ලද මොහු චිත්‍ර ශිල්පියෙකුගේ පුතෙකි.
චිත්‍ර ශිල්පය පිළිබඳ මූලික අධ්‍යාපනය පියාගෙන් උගත් මොහු ඉන් අනතුරුව 'පෙරුජිනෝ' ගෙන් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. ඔහු යටතේ අවුරුදු පහක් පමණ චිත්‍ර ශිල්පය හැදෑරූ මේ කලාකරුවා කලාවට කේන්ද්‍රස්ථානය වු ප්ලොරන්ස් නගරයට ගියේය. එහිදී කලාගාරයක් විවෘත කළ රපායෙල් මහත් ලැදියාවකින් යුතුව චිත්‍ර කලාව ඇරඹීය.
ප්‍රථමයෙන්ම ඔහු සිතුවම් කළේ කන්‍යාමරිය තුමිය හා ජේසු බිළිඳා දැක්වෙන චිත්රයන්ය. වොෂිංටනයේ ජාතික කලාගාරයේ දැනට තබා
ඇති 'ඇල්බා මැඩෝනා' නම් චිත්‍රය ඔහුගේ මුල් කෘතීන්ගෙන් වැදගත් එකකි. මොහුගේ චිත්‍ර අතුරින් වඩාත් ජනප්රසාදය දිනා ඇත්තේ 'සිස්ටීන් මැඩෝනා' නම් කෘතියයි. විසි පස්වන වියේදී දෙවන ජුලියස් පාප්තුමාගේ ඇරයුම පරිදි රෝමයට ගිය රපායෙල් කලක් එතුමා යටතේ සේවය කළේය.
පාප්තුමා ලියකියවිලි වලට අත්සන් තැබීමට වෙන් කළ 'සිග්නවුරම්' මන්දිරයේ වම් බිත්තියේ රපායෙල් විසින් අඳින ලද 'තෙෂ් ඕල්ඔෆප් ඇතන්ස්' නම් චිත්‍රය අගනා කලා කෘතියකි. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් සිය ගෝල පිරිස පිරිවරා සාකච්ඡා කරන අයුරුත් තර්ක කරන විලාසයත් මෙයින් දැක්වේ.
රපායෙල් සතුව තිබූ ප්‍රතිභාපූර්ණ ශක්තිය පිළිබිඹු කරන මෙය ප්රාණපූර්ණ භාවයක් පෙන්නුම් කරයි. ඒ මන්දිරයේම බිත්තියක අඳින ලද 'ඩිස්පියුට්' නම් චිත්‍රයද ඉතා වැදගත්ය. ශාන්ත පීතර දෙව් මැදුරේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙසද, රෝමයේ පුරා වස්තු ගවේශකයකු ලෙසද, කලක් කටයුතු කළ රපායෙල් ප්ලොරන්ස් නගර වාසීන්ගේ ගෞරවයට පාත්රවිය.
ඉතාලි පුනර්ජීවනයේ පුරෝගාමිකයන් වු ඩාවින්චි, ඇන්ජිලෝ සහ රපායෙල් යන මහා කලාකරුවන් තිදෙනා ලෝකය හමුවේ තබන ලද විශිෂ්ඨ කෘතීන් නිසා ඔවුන්ගේ නාම ඉතාලියේ පමණක් නොව මුළු ලොවටම සදා අනුස්මරණය කළ හැකිය.