මේ යුගය ප්ලොරන්ස් නගරයේ සිටි ධනවත් උගත් පාලකයෙකු වු ලොරෙන්සෝ ද මෙඩ්සි විසින් ශිල්ප ආයතනයක් අරඹන ලදී. 15වන වියේදී එහි ගිය මයිකල් ඇන්ජිලෝ වසර තුනක් පමණ කාලයක් චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳ පුහුණුවක් ලද අතර, පැරණි ග්‍රීක හා රෝම මූර්තීන් නැරඹීමට ද අවස්‌ථාවක් ලබා ගත්තේය.
ඉතාලි පුනරුද සමයේ සිටි අනික් අද්විතීය කලාකරුවා වූයේ මයිකල්
ඉතා දක්‌ෂ ලෙසත්, ඉක්‌මනටත් ඒ චිත්‍ර පිටපත් කළ ආකාරය දුටු ඔහුගේ මිතුරෝ ඔහුට වෛර කළහ. ඒ කෙසේ උත්සන්න් වීද යත්, මොවුන් අතර හටගත් එක්‌තරා දබරයකදී මයිකල් ඇන්ජිලෝගේ වැදුණු පහරක් හේතුවෙන් වු කැළලක් ඔහුගේ ජීවිතාවසානය දක්‌වා විය.
මෙඩ්සිගේ පුස්‌තකාල ගොඩනැඟිල්ලට අවශ්‍ය සෙල් කැටයම් පිළියෙළ කළ ශිල්පීන් සමඟ කුළුපඟ වු මොහු ඔවුනගේ කැටයම් කලාවද ඉගෙන ගත්තේය. මයිකල් ඇන්ජිලෝ සතුව පැවති සහජ හැකියාවන් දුටු ලොරෙන්සෝද මෙඩ්සි තුළ ඔහු පිළිබඳ ළැදියාවක් ඇති විය. තරුණ ශිල්පියාට අවශ්‍ය මුදල් හා ද්‍රව්‍ය සපයා දුන් ලොරෙන්සෝ ඔහුට සිය පුතකුට සේ සැලකුවේය. 1492 දී ලොරෙන්සෝ ආදිපාද තුමාගේ ඇවෑමෙන් ප්ලොරන්ස් නගරය ව්‍යාකුල තත්ත්වයකට පත්විය. ඉන්පසු මයිකල්
ඇන්ජිලෝ කාලයක්, හුදකලා ජීවිතයක් ගත කළේය.
චිත්‍ර මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ මයිකල් ඇන්ජිලෝගේ කීර්තිය ප්ලෝරන්ස් නගරය පමණක් නොව සමස්‌ත ඉතාලිය පුරාම විහිද යන්නට විය. මොහුගේ තෙලිතුඩට ලක්‌වූ ශ්‍රේෂ්ඨ කෘතීන් තුළින් මොහුගේ කලා හැකියාව ඉහළින්ම පිළිබිඹු වන්නට විය. 1508 දී දෙවන ජුලියස් පාප්තුමාගේ ආරාධනය පරිදි රෝමයට ගිය ඇන්ජිලෝට ඉතා භාරදූර කාර්යයක් පැවරුණි.
රෝමයේ වතිකානු මාළිගයේ සිස්‌ටයින් මන්දිරයේ සීලිම චිත්‍රවලින් අලංකාර කිරීමට ඇරයුම් ලැබුණි. මෙම මන්දරය අඩි 40ක් පමණ උස් වූ අතර එහි සීලිමද සුවිසල් විය. ඉතා දක්‌ෂ චිත්‍ර භීල්පියෙකුට වුවද එය චිත්‍රවලින් සැරසීම පහසු නොවේ. එහෙත් මහිකල් ඇන්ජිලෝ දැඩි උනන්දුවකින් එම කටයුත්ත ඇරඹීය. සීලිමට ළගාවීමට අට්‌ටාලයක් තනා ගත් ඔහු එයට ගොඩ වී සිය කාර්යයේ යෙදුණි. ඔහු බිමට පැමිණියේ නිදා ගැනීමට පමණකි. ඔහුට නිතිපතා ආහාර ඉහළට යැවිණි.
ආයත චතුරශ්‍රාකාර සීලිම කොටස් නවයකට බෙදා ඒවා ආගමික චිත්‍රවලින් සැරසූ ඔහු අනාගත වක්‌තෘන්ගේ රූප හා තවත් විවිධ රූප වලින් ඒවා සම්බන්ධ කළේය. මේ රූප අතර වඩාත් වැදගත් වන්නේ කල්පනාකාරිව තේජස් විලාසයක් ඇතිව අසුන් ගෙන සිටින 'ජෙරමියා' නම් වක්‌තෘන්ගේ රූපයයි. මෙම මන්දිරයේම ඔහු විසින් අඳින ලද 'ආදම්ගේ' චිත්‍රයද ඉතා වැදගත්ය. කුඩා ශිලා කලාවක් මත වැතිරුණ ආදම්ට ජීවය ලබා දීමට සුර දූතිකාවන් පිරිවැරූ දෙවියන් වහන්සේ අහසින් එන අයුරු එහි නිරූපිතය. එසේම 'අන්තිම විනිශ්චය' නම් චිත්‍රයද අගනා එකකි.
මයිකල් ඇන්ජිලෝ ජීවිතයෙන් වැඩි කොටසක් ගතකළේ එක් එක් පාප්වරුන්ගේ සේවයේ යෙදෙමිනි. එහෙත් ඔහුගේ ආභාෂය රෝමයට හෝ ප්ලොරන්ස් නගරයට පමණක් සීමා නොවීය. මුළු මහත් ඉතාලිය පුරා සිටි මූර්ති ශිල්පීහු දැන හෝ නොදැන ඔහුගේ ශෛලියේ විවිධ අංශ අනුගමනය කළහ. ඒ නිසා 16 වෙනි සියවසේ ඉතාලි මූර්ති 'මයිකල් ඇන්ජිලෝ' යුගය බවට පත්විය.