අවසාන ක්‍රියාව සමග ය හා හ නිපාත යෙදීම
 

අවසාන ක්‍රියාව හැඳින්වීමට 'ය' හා 'හ' යන නිපාත යෙදේ.

යන්නා+හ - යන්නාහ
එන්නා+හ - එන්නාහ
එන්නේ+ය - එන්නේය

උදාහරණ :
පිරිමි යන්නාහ, ගැහැණු එන්නාහ. සිනා එන්නේය.

අප්‍රාණවාචී හෝ නපුංසක උක්‌තයන් බහු වචන වූවද ඒවා වල ආඛ්‍යාතය ඒක වචන වේ.

පියුම පිපේ/පියුම් පිපේ.
වාහනය විකිණේ/වාහන විකිණේ.
ගස වැටේ/ගස්‌ වැටේ.
ගල පැලෙයි/ගල් පැලෙයි.
තරුව බබලයි/තරු බබලයි.

එවන් පද ප්‍රාණවාචී ප්‍රත්‍යක්‌ ගන්නා කල ආඛ්‍යාතය බහූ වචන වේ.

පියුම්හු පිපෙති.
ගංගාවෝ ගලත්.
පාරවල්හු රට වටා දිවෙත්.
තරු බබලත්.
තාරකාවෝ දිලෙත්.
සුසුම් වැටෙත්.

(c) Shilpa Sayura Foundation 2006-2017