හුරතල් පොඩි හා පැට වා
අරගෙන උකුලේ ඉඳු වා
කිරි වතුරින් නාව ලා
හඳහාමි මේ එන වා
උඹ වටකර අත්වැල් බැ ඳ
ඉන්නා වූ මේ තරු ක ඳ
හඳහාමිගෙ දරු පැටව් ද
උන් මොකටද ? මාව මදි ද
මොහොතක් නැ නවතින්නේ
රෑ තිස්‌සෙම ඇවිදින්නේ
පයක නැතිව ඇවිදින හැටි
මට නම් නෑ තේරෙන්නේ
එක වරකට නොපෙනෙන්නේ
කොතනද උඹ හැංගෙන්නේ
ඔය හුරතල් හා පැටියා
ඹට මොකටද මට දෙන්නේ
එළි වෙන්නට පළමු සැරෙන්
පැන යන්නේ අපට හොරෙන්
ඉරු දෙවිඳුට බයෙන් නේද ?
හඳ හාමි වරෙන් වරෙන්
