ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහණක් වේ
එය රැක ගන්නට මෙ ලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
දොයි දොයි, බයි බයි
දැක සන්නට වන් විපතා
ඒ අප දුටු ගැමුණු පුතා
දෙමළුන් සුන් කරපු කතා
ඉගෙන ගනින් මගේ පුතා
දොයි දොයි, බයි බයි
විජිත පුරේ කොටු වේ දී
කඩු පිට කඩු පහර දි දී
යුද කොට ජය ගත් පරි දී
සිහි කරපන් පුත පැහැ දී
දොයි දොයි, බයි බයි
රුවන් වැලි සෑ තන වා
මුනි පුත සඟ ගණ පින වා
ගිය එ රජුන් සිහි වෙන වා
මගේ පුතා නැළ වෙන වා
දොයි දොයි, බයි බයි
එළාර ගේ මල කුණට ත්
ගරු බුහුමන් කළෙ ඉමහ ත්
ගැමුණු පුතා ගේ මෙසිරි ත්
පුරුදු කරන් පුතේ උඹ ත්
දොයි දොයි, බයි බයි
