පුනරුදය යනුවෙන් අදහස් කරන්නේ "යළි ඉපදීම" යන්නයි. 15 වැනි සියවසේදී වර්ධනය වු කලාව, සාහිත්‍ය ආදිය පුනරුදය ලෙසින් සැලකේ. මෙය මනුෂ්‍ය ඉතිහාසයේ ඉතාමත් වැදගත් උදාවීමක් ලෙස හැඳින්වේ. ක්‍රි.ව. 15 වැනි සියවසේ අගභාගය වන විට යුරෝපයේ වෙනස්කම් රාශියක් ඇතිවන්නට මඟ පෑදෙමින් තිබුණි. ක්‍රි.ව. 1453 දී ඔටෝමන් තුර්කිහු බයිසන්ටයින් අධිරාජ්‍යයේ අගනුවර වු කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්හ. මේ සිදුවීම නිසා වැදගත් ප්‍රතිඵල දෙකක් ඇතිවිය. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ කොන්ස්තන්තිනෝපලයේ සිටි උගතුන් තමන් වෙත තිබූ පැරණි ග්‍රීක රෝම සම්භාව්‍ය කෘතීන්ද රැගෙන යුරෝපයට පලායාමයි.
මොවුහු ඉතාලියේ ෆ්ලොරන්ස් පීසා සහ බොලොඤ්ඤ වැනි විශ්ව විද්‍යාල නගර වල හරසරින් පිළිගනු ලැබූහ. අනෙක් ප්‍රතිඵලය වූයේ යුරෝපය ආසියාව සමඟ වෙළඳාම ගෙනගිය වෙළඳ මාර්ගය වැසී යාමයි. ඊජිප්තුව හරහා එම වෙළඳාම ගෙන යන්නේ නම් එහි සිටි සුල්තාන්වරයාට අධික බදු ගෙවීමට සිදුවිය.
කොන්ස්තන්තිනෝපලයේ සිටි උගතුන් යුරෝපයට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ ග්‍රීක හා රෝම සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳව තිබූ උද්යෝගය සීඝ්‍ර ලෙස වැඩී ගියේය. එසේම මානව වාදය මනුෂ්‍යත්වය ගරු කොට සැලකීම පිළිබඳ අදහස් පැතිර ගියේය. මධ්‍යතන යුගයේදී ජීවිතයේ ලෝකෝත්තර අංශය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටි ජනයා ක්‍රමයෙන් ජීවිතයේ ලෞකික අංශය කෙරෙහි පෙරට වඩා නැඹුරු වන්නට විය.
පුනරුදයේ වැදගත් අංශයක් වනුයේ ග්‍රීක දාර්ශණිකයන්ගේ කෘතීන් යුරෝපා ජාතීන් විසින් හදාරන්නට වීමයි. පැරණි ග්‍රීක රෝම සංස්කෘතිය පිළිබඳ අදහස් 14 වැනි සියවස අවසානයේ සිට පැවතිණි. පුනර්ජීවනය යන්නෙන් අදහස් කරන්නේ පිරිහී තිබූ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරය අනුව තිබූ කලාවට නවජීවනයක් දීම හා මධ්‍ය යුගයේ නැතිවී ගිය ග්‍රීක හා ලතින් උරුමය නැවත ලබා ගැනීමකැයි කිව හැකිය. රූප නෙළිම, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍යය හා චිත්‍ර කලාව නව දිවියක් ලත් සමයක් ලෙස මෙය සැලකිය හැකිය. මේ පුනරුදය ආරම්භ වූයේ ඉතාලියේය. පුනරුදය, එකවරම බිහිවූවක් නොව ක්‍රමයෙන් පරිවර්ථමය වු එකක් බව ප්‍රකාශ කළ හැකිය.
කෙටියෙන් සඳහන් කරතොත් දෙව්ලොව වැනි අමුතුම මිනිස් ලොවක් පුනරුදය නිසා ජනිත විය. පැරණි ග්‍රීක් වරුන්ගේ අදහස් හා විද්‍යාත්මක දැනීම පමණක් නොව ඔවුන්ගේ චිත්‍ර ශිල්පය, සාහිත්‍යය වැනි දේ යළිත් යුරෝපා ජාතීන් විසින් හදාරන්නට ඇත. පැවති සියලු කලාවක්ම පාහේ මධ්‍යතන යුගයේ දක්නට ලැබුණු පරිදි නොව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකුත්, දියුණුවකුත් දක්නට ලැබුණි. චිත්‍ර කලාව ගෙන බලන විට පුනරුද යුගය, චිත්‍ර කලාවේ ස්වර්ණමය යුගය ලෙසින් හැඳින්වීම උචිතය.