හොඳ ළමයා
 


 

පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ

මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩි මහල්ලන්ට
කීකරු වන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්ට

පොතට පතට සිත දීමයි
හැකි තරමින් ඉගෙනීමයි
කාගෙත් සිත් පිනවීමයි
මේ ටික අපෙ පැවතීමයි

පොඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා

මල්වල සුමිහිරි පැණි
ඇද බොන බමරා මෙනී
හොඳ ළමයා නුවණිනි
හොඳ දේ තෝරා ගනි

(c) Shilpa Sayura Foundation 2006-2017