දෙවන කොටස
 

ගුනෙන් උතුන් නරනිඳු සමඟ යුදයට
ගණන් නැතුව වැද්දෝ ආවා යුදයට
විකුන් බලෙන් උන් ඒ ඔවුන් සුන් කොට
රජුන් දෙදෙන සබයට බැසපී යුදයට

දෙදෙන යුදෙන් දෙදෙනගෙ අගනා නොවෙද
සරොස සිතින් දුනු හී බිම ගසා සොඳ
වැර බලයෙන් නසමැයි වැදි රජුන් අද
පොර බදමින් රජ දෙදෙනා රොසින් තද

හෙලා වැදි රජුන් මනමේ නිරිඳු සඳ
බලා බිසව දෙස කගපත ඉල්ලු සඳ
හෙලා තබනුයේ කගපත කොපුව ඇද
මෙලාගයෙන් කගපත කොපුව දී සොඳ

ඇදලා කඩුව වැදි රජු සුරතට දෙමිනේ
සිඳලා දැමිය නිරිඳුගෙ හිස විගසකිනේ
එකලා නැගී බිසවත් සමගිව ගොසිනේ
බැසලා ගංතෙරටවැදි රජ මේ ලෙසිනේ

බල විකුමන් ගුණවත් නරනිඳුන් සොඳ
සෙනහසයෙන් පුරුදුව විසු කලක්‌ සොඳ
මට ලොබයෙන් එරජුට පැමුණුනු ලෙසද
නුඹ සමගින් විසුවොත් කාටත් එලෙද

කියා මෙලෙස බිසවුන් පළෙඳි අබරන
මේලාගයෙන් ගලවා පොදි බැද රැගෙන
දයා නොවී බිසවත් ඇරලා එතන
ගියා වැදි රජුන් ගඟ එගොඩට එදින

බිසවට පත් සෝගිනි තදා
හදවත උනුවිය තද ගිනි කදා
මගෙ ගුණවත් නිරිඳුගෙ ගුණ කදා
මට සිහිවී වෑවෙනු බැරි අදා

මම කල මේ අනුවන කින්දෝ
කොයි ලෙස ඉවසා ගෙන ඉන්දෝ
කා දැක මෙ වනේ සැනසෙන්දෝ
පින රැකගෙන කොයි අත යන්දෝ

(c) Shilpa Sayura Foundation 2006-2017