මනමේ නිරිඳු සඳ
බිසවත් සමඟ දෙදෙනද
නොරටක යන ලෙසද
වඩින රඟ බල මේ සබේ මැද
වඩින කල එවනේ
වැදි රජ සමඟ වෙමිනේ
බිසව හට ලොබිනේ
අනේ කුමරුට මරණ පැම්ණේ
වැදි සෙනඟ සමඟින
යුද කර ඔවුන් සමගින
තම හිමි මරවමන
බලන් වියතුනි ලියන්ගේ ගුන
එබව මෙහි පලකොට
දැනෙනා පමණ අපහට
නැටුමක් එන ලෙසට
නිරිඳු දෙදෙනෙක් වඩී සබයට
මොකක් පවසන්ද ලඳුනෙහි නොව ලස්‌සා
දුකක් පැමිණි සඳ නරනිඳු සිට දස්‌සා
සැකක් නැතුව නරනිඳු සඳ කර තොස්‌සා
එකෙක් ඇවිත් වැද්දෝ සබයට බැස්‌සා
බින්න නොව අසන් නරනිඳු කල අටියේ
දුන්න සමඟ විස ඊ ගෙන අත සිටියේ
පන්න පන්නවා යුද කරනා හැටියේ
දෙන්න ඇවිත් වැද්දෝ සබයේ සිටියේ
මන් තොස වඩන නරනිඳු හට උනු විසතේ
රන් රුව සදිසි බිසවුන්මයි රජුගේ සිතේ
යන්නට ඉතින් ගැලවී යමුද කොයි අතේ
තුන් දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටියේවිතර නොවන දුක් වැද නරනිඳුගෙ සිතේ
කතර ඇවිත් තනි මඟ පැමිණුන විසතේ
හතර වරම් දෙවියන් මට පිහිට වෙතේ
පස් දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටියේ
බස් බොරු නොව කියවන මේ නිරිඳු සිතේ
විස්‌තර ගුණැති බිසවුනි නොසිතන් අහිතේ
සස්‌තිර වැදි සෙනඟ දැක රජ බියෙන් සිතේ
පස්‌දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටියේ
යෙදුන අනතුරට නරනිඳු බියෙන් සිතේ
සොබන ගුණැති බිසවට තද ආල සිතේ
නපුරු වැදි රජුගෙ සෙනගට බියෙන් සිතේ
හදෙන ඇවිත් වැද්දෝ සබයේ සිටියේ
