දහසක් නුවනැසින් ලොව බලමින් සොඳින
ඇගෙ දුක් දැකපු විගසින් බමුනෙකු ලෙසින
පිහිටක් වෙන ලෙසින් ඇවිදින සුර පුරෙන
බැසසක් රද සඳගිරි පවුරට එදින
දිය ගෙන කෙන්ඩියෙන් මහ බෝසතුන් වෙර
ඉසිමින කැලල වටකර වනය සුවකර
එමදින මැරුම් වෙස්පා සැතපුන වැතිර
නැගිටින කෙනෙක් මෙන් බෝසත් නැගිටිවර
දහසක් නුවනැසින්
මුලු ලොව බලන විලසින්
සඳකිඳුරට ලසින්
වැදුනු දුක දැක සුරිඳු විගසින්
මහළු වෙස් දරමින්
සැරයටිය ගෙන සුරතින්
තොල දත්මිටි කමින්
එන්ඩ සැරසෙති එසක් සුරිඳුන්
හිස නර සුදු වෙමින්
පිට වක කුදුව නැවෙමින්
කෙන්ඩියක ගෙන පැන්
වැඩම කරවති එසක් සුරිඳුන්
සාමයකු විලසින්
ඇවිදින් සුරිදු සතොසින්
සඳකිඳුරට මෙවන්
දුකද පැන් ඉස ගුණය කරමින්
සක් රජ තෙද උතුන්
කිඳුරු දෙදෙනම සොබමන්
පින් කරව් කියමින්
යන්ඩ සුරපුර ගියේ සතොසින්