විකේතන ක්‍රියාදාමය Process of Decoding
 

සන්දේශය ප්‍රේෂණයෙහි අනික්‌ පැත්ත සන්දේශය ග්‍රහණය කර ගැනීමයි. සංකේතන ක්‍රියාදාමයේ විරුද්ධ පැත්ත විකේතන ක්‍රියාදාමයයි. ්‍රඑට ඇතුළත් වන්නේ භෞතික සන්දේශවල අවසාන අර්ථයක්‌ ග්‍රාහකයාට ලැබෙන පරිදි පරිවර්තනය කෙරෙන හෝ අර්ථකථනය කෙරෙන හෝ ක්‍රියා මාලාවයි. ඔබ මෙම අකුරු සහිත පේළි කිහිපය කියවන විට ඔබට කිසියම් සන්දේශයක්‌ විකේතනය කර ගනියි. එයින් එකක්‌ ශ්‍රව්‍යමයයි. අනික්‌ සන්දේශය දෘශ්‍යමයයි. එසේම තවත් කෙනෙකු පොත් කියවන ගමන් ගුවන් විදුලියට සවන් දෙමින් යහළුවකු කියන දේට ද සවන් දෙයි.

ඔහු එක්‌ වර සන්දේශ කිහිපයක්‌ විකේතනය කර ගනියි. මානවයින් මෙන්ම යන්ත්‍රත් විකේතකයෝය. ගුවන් විදුලිය විකේතකයකි. වීඩියෝ ඩෙක්‌ යන්ත්‍රයක්‌ ද එසේය. දුරකථනය ද එක්‌ කෙළවරකින් සංකේතනය කරන අතර අනික්‌ කෙළවරින් විකේතනය කරවයි. චිත්‍රපටි ප්‍රක්‌ෂේපණ යන්ත්‍රයද එවැනි විකේත කාරකයෙකි, හෙවත් විකේතකයකි. සමහර විට සංකේතකයා වැරදි නාලිකාවකින් සන්දේශය ප්‍රේෂණය කළ හොත් එ මසන්දේශය විකේතනය කර ගන්නට නොහැකිය. අකුරු කියවිය නොහැකි කෙනෙකුට ලැබෙන ලියමන ඔහුට විකේතනය කර ගන්නට බැරිය. ශ්‍රව්‍යාබාධිතයෙකුට දුරකථන පණිවිඩයක්‌ විකේතනය කර ගැනීම නිවැරදිව කළ නොහැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017