සංකේතන ක්‍රියාදාමය Process of Encoding
 

සන්දේශ මූලය තමන්ගේ සිතිවිලි හෝ අදහස්‌ ඉදුරන්ට අවබෝධ වන අන්දමට පරිවර්තනය කිරීමට කරන ක්‍රියාවලිය සංකේතනය නම්, ඔබට කියන්නට කිසිවක්‌ ඇති විට ඔබේ මොළයත් දිවත් බොහෝ විට එකට ක්‍රියාත්මක වෙයි. එමගින් වචන සහ භාෂණ වාක්‍ය සකස්‌ කෙරෙයි. ඔබ මිතුරකුට ලිපියක්‌ ලියන විට ඔබේ මොළයත් ඔබේ අතැඟිලිත් එක්‌ වී කඩදාසිය මත තීන්ත හෝ වෙනත් ද්‍රව්‍යයක්‌ උපකාරයට ගෙන රටා නිර්මාණය කරයි.

 


ඔබ දෘෂ්‍යාබාධිත පුද්ගලයකුට යමක්‌ කියන කල්හි කඩදාසියක කටුවකින් අනින ලද සිදුරු මාලාවක්‌ ස්‌පර්ශ කිරීමට ඉඩ සැලසීමෙන් එය ඔහුට දැන ගන්නට සලස්‌වයි. චිත්‍රපට අධ්‍යක්‌ෂකවරයෙක්‌ තම මනසෙහි ඇති ප්‍රතිරූපය යළි නිර්මාණය කිරීම සඳහා කැමරාවක්‌ භාවිතයෙන් ආලෝක රශ්මි ඡායාරූප සංවේදී රසායනික මගින් ග්‍රහණයට ලක්‌ කර ගනියි. සන්නිවේදන පසුතලයක එක්‌ වරක්‌ හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක්‌ වාරවලදී සංකේතනය කෙරෙයි.

 

 

 

 

 

 

 

 


අභිමුඛ සන්නිවේදනයක හෙවත් මුහුණට මුහුණ ලා කෙරෙන සංවාදයකදී කථිකයා තම සිතිවිලි වචන මගින් සංකේතනය කරයි. දුරකථනය භාවිත කරන විට මෙම පරතරය පුළුල් වෙයි. දුරකථනයක යාන්ත්‍රණය තුළින් ශබ්ද තරංග විදුලිය බලශක්‌තිය සමඟින් සංකේතනය කෙරෙයි. සමහරු අනික්‌ අයට වඩා දක්‌ෂ ලෙස සංකේතනකරණයෙහි යෙදෙති. ඊටත් වඩා සංකේතන කාර්යයෙහි ශක්‌තිය ප්‍රදර්ශනය කරන්නේ යන්ත්‍ර සූත්‍රයි. ඔබේ නිවසේ ඇති ටූ ඉන් වන් කැසට්‌ යන්ත්‍රයක්‌ පටිගත කර ගත් සංගීතයක්‌ සමඟ මනා ශබ්ද මැදිරියක පටිගත කැරුණු තැටියක්‌ පටයක්‌ හෝ (සංගත) සංයුක්‌ත තැටියක්‌ සසඳා බලන්න. වඩාත් ශ්‍රවණ රමණීය වන්නේ දෙවැනිව සඳහන් කැරුණු ඒවාය.

 

 

 

 

 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017