පස්වැනි පිටුව
 


 

විදින විරහ දුක්‌ බලවත් වූ සඳින
එදින කිඳුරඟන ගුන බලයෙන් සොඳින
විදින සුව පහස්‌ ලද සක්‌ රජ නොමින
තදින හුනුව ගිය කල පඬුපුල් අස්‌න

පෙරකල සුජාතාවෝ කෙකිනිව උපන
මනකල් සක්‌ රජුන් ඈ දැක දිව නෙතින
හැමකල් රකින සිල් විමසා පසසමින
එමකල් ගියේ වද සක්‌රජ ඔබ විසින

වැහැරී සිව්රු දරමින් නිවසන මෙවන
මිහිරී පලාපල රස විද සා නිවන
එහිරී එතප් ඇති තවසර යති කලන
ලහිරී වුයෙද නෑසෙන් මගෙ දුක්‌ සවන

කිඳුරන් දෙමල්ලන් බාලේ සිට පුරුදු
ඉදිමින් දෙගොඩ හැඩූ ගනනින්ම අවුරුදු
කදුලෙන් හැඩූ තරමට විය කිරි මුහුදු
කෙලෙ;සින් වෑවෙමුද බාලේ ඉත පුරුදු

අත රන් වන් පය රන්වන් කිඳුරු ලඳේ
තුඩ රන්වන් මල්පෙති ගෝමරයි බඳේ
අත රන් වළලු පය ලන වලලු ත සොදේ
අපෙ දැන් නුවර දකිනට යමු කිඳුරු ලඳේ

ඇවිදින මගේ හිස උකුලේ තබාපන්
සිතනට දුකක්‌ ඇත්නම් මට කියාපන්
විදිතැන මුකේ ලේ හරවා බලාපන්
පන යනවා කිඳුරගෙ කට වසාපන්

අඹ දඹ කෙසෙල් පලවැල රස විඳ නිබඳ
සිඹ වත් කුසල් ලිය ගී කිය කියා සොඳ
සිඹ මුව කමල්ලා දෙදෙනම ගෙල වලඳ
නුඹ හැර මෙකල් ලය සැනසේ ද හිමි සඳ

මෙදින මගේ හිමි මළ සන්දා මෙතන
නෑසුන මමත් රැක්‌මක්‌ නැතිවය දෙදෙන
එයින දෙමව්පිය රැක්‌මත් සිදු නොවන
මෙවන දකු දකය කියමින් හඬන තැන

වෙතත් මෙලොව නියතය දුක්‌ සැප දෙකම
ඉනුත් දෙගුරු දුක බලවත් වේය බොහොම
මහත් ගුණැති සිල් රැක්‌කෙන් හැම දිනම
සිතත් පවර බඹසර වෙස රකිමි මම

ඇතැඹුල් ලෙස සීලය දැනුමෙහි නන්ද
දසඹුල් බලැති කෙනෙකුට වන් දුක මෙන්ද
සුහුඹුල් ඇගෙ සැපත අනිකෙක්‌ පැතු මෙන්ද
පඬුපුල් අස්‌න උනුවුන කාරන කින්ද

(c) Shilpa Sayura Foundation 2006-2017