විද්‍යුත් විච්ජේදනය මඟින් ලෝහ ආලේප කිරීමේදි එය ස්ථිර හා ඒකාකාර ආලේපනයක් ලබා ගනිමටනම් පහත ක්‍රියා මාර්ග ගත යුතුය.
1. ලෝහ ආලේප කරන භාණඩයෙහි මතුපිට තිබෙන තෙල්, ග්‍රීස් ,ඔක්සයිඩ් තට්ටු ඉවත් කර පිරිසිදු කරගත යුතුයි
2. විද්‍යුත් විච්ජේදනයට ඉතා කුඩා ධාරාවක් යොදාගත යුතුයි
3. විද්‍යුත් විච්ජේදනය නිරන්තරයෙන් කැලතී සිදුකළ යුතුයි
4. විද්‍යුත් විච්ජේදනය ප්‍රශස්ථ උෂ්ණත්වයක පවත්වාගත යුතුයි
විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳව ක්‍රියාකාරකමක් පහත ලෙස සිදුකල හැක.

රූපයේ දැක්වෙන පරිදි ප්ලාස්ටික් හෝ වීදුරු භාජනයක කොපර් සල්ෆේට් අඩංගු ද්‍රාවනයකට කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් ගිල්වන්න.
ඒවා බැටරියකට සම්බන්ධ කරන්න.
A හා B ලෙස ඉලෙක්ට්‍රෝඩ දෙක නම් කරගෙන එක් එක් ඉලෙක්ට්‍රෝඩය අසල කුමක් සිදුවේද නිරීක්ෂණය කරන්න.
පසුව B ඉලෙක්ට්‍රෝඩය බැටරියේ ධන අග්‍රයට හා A ඉලෙක්ට්‍රෝඩය සෘණ අග්‍රයටත් පරීක්ෂණය නැවතත් කරන්න.
පළමු පියවරේදී කල නිරීක්ෂනයට අනුව බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ A කාබන් කූර ඔක්සිජන් වායුව නිදහස් වී සෘණ අග්‍රයට සම්බන්ධ B කාබන් කූරේ තඹ තැම්පත් වෙයි.
කොපර් සල්ෆේට් ද්‍රාවනයේ වර්ණය අඩු වෙයි.
දෙවන පියවරේ දී කළ පරීක්ෂණයට අනුව බැටරියේ සෘණ අග්‍රයට සම්බන්ධ A කාබන් කූර තඹ තැම්පත් වී ධන අග්‍රයට සම්බන්ධ B කාබන් කූරේ තැම්පත් වී තිබු තඹ ඉවත්වේ.
කොපර් සල්ෆේට් ද්‍රාවනයේ වර්ණය වෙනස් වන්නේ නැත.
විද්‍යුත් ලෝහාලේපනයේදී ආලේප කරන ලෝහය අඩංගු ලවණයක් විද්‍යුත් විච්ජේදනයක් ලෙස යොදා ගනි. කැතෝඩය ලෙස ලෝහ ආලේප කරන භාණ්ඩයත් , ඇනෝඩය ලෙස ආලේප කරනු ලබන ලෝහයත් යොදා ගනී.