වැඳුනේ යස රඟ දෙන කිඳුරඟනට ලොබයෙන් කියමින
තදිනේ ඇඳ සැරයක් හැර බෝසත් විඳ මරා මෙතන
ඉතිනේ තොප මෙහෙසුන් කොට රකිනෙමි කී බසට රොසින
කිමතට කිසි වරදක් නැති මගෙ හිමි විඳ මැරීනම් අද
පිහිටට ඇත සුතනඹු සහ වැටෙමින් ගොස් නිරයට තද
මෙලෙසට තද තෙපුල් අසා ලොබ හැර ගිය සඳ එම රඳ
එවිටම හිමි ඇකයේ ඉඳ හඬයි මෙලෙස දෙවියන් යැද
සඳ කිඳුරුව මේ අප බෝසත ඉපිද වනේ
සොඳ දිවගන වැනි කිඳුරිය සමඟි වුනේ
විද පස්‌කම් සැපතින් දවසරින දිනේ
ලද සැරසී මල් වඩමක් අතින් ගෙනේ
සඳුන් අරටු බිම ගලගා කලල් ගෙන
නෑදුන් අමු කපුරු එහි ලා සිසිල් වන
ලැගුන් ගතිය සමහන් විඳ මඟුල් වන
රඳුන් අපට අද මේ තද තැවුල් දුන
සුපසන් සඳ කිඳුරු වේනා ගාන සඳේ
නටමින් කිඳුරඟන මල්දම් වෙලා බඳේ
රුසිරෙන් අනෙක කියමින් කවි මියුරු ලෙදේ
සතොසින් දෙදෙන කෙළ කෙළ සිටි එවන මැදේ
කිඳුරු රජුන් කිඳුරිගේ මුව සිඹිමින්දා
වනය නෙතැන් රඟ රඟ දී මනනන්දා
සොමිගුණයෙන් සාවා ලප සඳ මෙන්දා
සඳ කිඳුරන් වන මැද විසි මෙලෙසින්දා
කිඳුරු රජුන් සමගින් සැප විද ලොබිනේ
විගස තොසින් කිඳුරිගෙ බඳ වැළඳගෙනේ
දෙදෙන යසින් අඹුසැමි ලෙස මන නදිනේ
එවන නිතින් කෙළ කෙළ දවසරින දිනේ
බඹදත් නිරිඳු සඳ
මුව දඩයමට ලොබ බැඳ
දුනු හී රැගෙන සොඳ
එරජ වන මැද ඇවිදිනා සඳ
සඳ කිඳුරන් වයන
වීනා නාද අසමින
රජු කුල්මත් වූයේ න
බලා කිඳුරිගේ රුසිරු සෝබන
එද්ද වඩන බඹදත් රජ සතුටු ලෙදා
බැද්ද මැදෙහි සිට දුන්නේ දෙ අත බැදා
මැද්ද තියුණු හියලා උර පුරා ඇඳා
විද්ද සැරය ඇනුනයි රත් කිහිලි මැදා