චුම්භක ක්ෂේත්‍ර රේඛාවල ප්‍රධාන රටා
 
දැන් අප ධාරාවක් ගෙන යන සන්නායකයක් අසල ඇති වන චුම්භක ක්ෂේත්‍රයේ රටාවන් පළිබදව දැන ගැනීමට ක්‍රියාකාරකමක් කර බලමු.

මේ සදහා ප්‍රථමයෙන් කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන එය මැද කුඩා සිදුරක් විදින්න.පසුව එය තිරස් ආධාරකයක සවිකරන්න.
දැන් සෘජු තඹ කම්බියක් එම සිදුර තුළින් ඇතුල් කර එය කාඩ්බෝඩ් කැබැල්ලට ලම්බක තබන්න කම්බියට සරල කෝෂ මඟින් විදුලි ධාරාවක් ලබා දෙන්න.
ඉන් පසු පතහ රූපයේ පරිදි මාලිමාවන් හතරක් ගෙන කම්බිය වටා තබන්න.

 



                                                  
මෙහි ස්වීචය විවෘත හා සංවෘත (on /off) කර හා වියළි කෝෂයේ අග්‍ර මාරු කර මාලිමා දර්ෂක වල සිදුවන වෙනස්වීම නිරීක්ෂණය කරන්න.

ධාරාවක් ගෙන යන සන්නායකයක් වටා ඒ අසල ඇතිවන, චුම්භක ක්ෂේත්‍රයේ හැසිරීම් රටාව ධාරාව කම්බිය දිගේ ඉහළට හා පහළට යන විට පහත රූපවල ආකාරයට සිදුවෙයි.

 
 
     
 

ඉහත දක්වා ඇති අවස්ථාවන් දෙකේදීම සමාන ක්ෂේත්‍ර රටාවක් පෙන්වයි. නමුත් මෙහි පළමු අවස්ථාවේදී වාමාවර්ත ක්ෂේත්‍ර රටාවක්ද, දෙවන අවස්ථාවේදී දක්ෂිණාවර්ත ක්ෂේත්‍ර රටාවක්ද,පෙන්වයි.

ධාරාවේ දිශාව අනුව චුම්භක ක්ෂේත්‍ර රේඛාවල දිශාව සොයා ගැනීමට ෆ්ලෙමින්ගේ සුරත් නියමය භාවිතා කළ හෙක.

ඉහත රූප වල දැක්වෙන පරිදි දකුණු අතේ (සුරතේ) මහපට ඇඟිල්ලෙන් ධාරාව ගලන දිශාවද, අනෙක් ඇඟිලි තුඩු මගින් චුම්භක ක්ෂේත්‍රයේ රේඛාවල දිශාවද පෙන්නුම් කරයි.

එක් පොටකින් පමණක් සමන්වත කම්බි දඟරයක් තුළින් ධාරාවක් ගලායන විට ඒ වටා ඇතිවන චුම්භක ක්ෂේත්‍ර රේඛාවල රටාව පහත රූපයේ දැක්වේ.